(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමග ජන බලවේග කාර්යාලය අසලට පැමිණ පෙන්නුවේ පොඩි දෙයක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඔබලා කරන දේවල්වලට අපිටත් වැඩ කරන්න පුළුවන් " යැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එම පක්ෂයේ ඇතුල්කෝට්ටේ ප්‍රධාන කාර්යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදීය.
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
කාවින්ද ජයවර්ධන මහතා:
කණ්ඩායමක් සමගි ජන බලවේගයේ කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළා. මෙවැනි දේවල් අනුමත කරන්න බැහැ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:
"තරුණ මන්ත්‍රීතුමා කිව්වා එතුමාලගෙ කාර්යාලයට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කළා කියලා. අර ඔබතුමාලගේ කාන්තාවන්ගේ නායිකාව අපේ ගෙවල්වලට කරන්න ආරාධනා කළ විදිය දැක්කනෙ. ඒ වැඩ හරිද."
" හොඳට මතක තියාගන්න. ඔබතුමාල ගන්න තීන්දු තීරණවලට අපිටත් වැඩ කරන්න පුළුවන්. අපි ඔයාලගේ කාර්යාලයට ඇවිල්ලා පෙන්නුවෙ ටිකයි."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇමතියන්ට හම්බ කරගත්ත සල්ලි කෝටි ගනමි තියෙනවනෙ මොන ප්‍රශ්නද... මහජනතාවට නම් බඩ පොත්තට ඇලිල හැතැප්ම ගනමි පෝලිම්වල වරැ ගනම් රස්තියාදු වෙනව.මේ ඇමතියන්ට අපි කියන්නෙ....එනවකො චන්දෙ ඉල්ලගෙන...ඉලපතෙන් තමය් අපි දෙන්න බලන් ඉන්නෙ.ආය් මේ කපේදි බොලනම් එපා.
ඕක ජොන්ටට පොඩි දෙයක්... ඡන්ද බලය අරන් කරන මහජන සේවයේ තරම තමයි ඔය..!
ජොන්ටාට පොඩි දෙයක් වුණත් දේශපාලකයන්ගේ හැසීරීම, විනය සහ ආදර්ශමත් බව පිළිබඳව මහා මූසල සංඥාවක්. දැන් මධුර විතානගේගෙ මයිලකටවත් කාටවත් අත තියන්න දෙන එකක් නැහැ.
ඔහොම යමු... තව ටික දවසක්... ජනතාවත් ‘‘පොඩි දෙයක්‘‘ ඔහෙලටත් පෙන්නන දවස වැඩි දුර නැහැ...
ජනතාව හොඳ ලොකුඑකක් ළඟදීම පෙන්නනවා. ලෑස්ති වෙලා ඉන්න.