
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ආයතන අතර සාකච්ඡාවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද සිදුවිය.
මෙම සාකච්ඡාවේදී වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහල නැංවීම, එම වෘත්තීය පුහුණු පාඨමාලා දෙස් විදෙස් රැකියා ඉලක්කගත කරමින් නිර්මාණය කිරීම, වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතන ආයතන වල කාර්යභාරයන් නිශ්චය කර ගැනීම, මෙරට රාජ්‍ය හා පුද්ගලික වෘත්තීය පුහුණු ආයතන වලින් අධ්‍යාපනය හදාරා නික්ම යන සිසුන් ඉන්පසු රැකියා වෙළඳපොළේ ස්ථානගත වීම පිළිබඳ පසු විපරම් කිරීම ආදි කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණි.
මෙම කරුණු පිළිබඳව පුළුල් පර්යේෂණයක් සිදු කිරීමටත්, එමෙන්ම මීට අදාලව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම පිළිබඳවත් සාකච්ඡා විය.
ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීමට අදාල කටයුතු සැලසුම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපේ තරුණයන්ට රට රැකියා වැඩි කරන්න සැලසුමක්