
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර 2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග මෙරට පොල් වගාව සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේය.
2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බව එම අධිකාරිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ගෙඩියකින් රු 10ක්ද ලැබෙන්නේ...?
"2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බවත් එම අධිකාරිය සඳහන් කරයි." මේ කියන විදියට තැඹිලි ගෙඩියක් විකුණලා තියෙන්නේ රුපියල් 10කට... අපි ගෙඩියක් ගන්නේ රුපියල් 120 කට...!
කොහොමද තැඹිලි ගෙඩියකින් ගහන ගැහිල්ල. මෙහෙ විකුණුවත් අඩුම තරමේ ගෙඩියකින් Rs. 100 ගන්න පුළුවන්...!
මෙ තනිකර බොරු නෙ අඩු ගානෙ තැබිලිගෙඩියක් විකුනගන, එකෙ ගානක් හදාගන්න බැරි අය කොහොමද රටක් පාලනය කරන්නෙ.
නිසි මිලක් නියම කරලා කරනවා නම්, මිනිස්සු තව වවන්න උනන්දු වෙනවා..
පොල් සංවර්ධන අධිකාරිය උපයාගත් මුදල මෙයයි. රට 2022 දී රුපියල් බිලියන 3.8 ක් සහ මේ වසරේ සැප්තැම්බර් දක්වා බිලියන 4.6 ක් උපයා ඇත. පුවත්පත් ලිපිය වැරදියි.
ගෙඩි මිලියන් 10, ආදායම් රුපියල් මිලි 140.ගෙඩියක් රුපියල් 10 ගානෙ දේල.මේ ඩොල්ලර් හොරා කන ක්‍රමයක්ද?නැතිනම් ගනන් වැරදිලාද.