(විනීතා එම් ගමගේ)
මහ කොළඹ අප ජල පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවල දී විදුලි බල මණ්ඩලයේ යටි බහන් (underground cable) කැඩී යාම නිසා ඉකුත් පස් වැනිදා අලූයම එකේ සිට පැය 16 කට ආසන්න කාලයක් කොළඹ දකුණ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබු බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
හයිලෙවල් පාර ආසන්නයේ කිරුලපන සිට නුගේගොඩ දක්වා ට්‍රාන්ස්පෝමර් අටකින් පමණ ආවරණය වන ප්‍රදේශයන් හි විදුලිය මෙසේ විසන්ධි වූයේ හයිලෙවල් පාරේ කිරුළපන, සීබල් පාර ආසන්නයේ පිරවුම්හල අසලත්, මුගලන් පාර හා බළපොකුණ පාර සම්බන්ධ වන ස්ථානයේත් යටි බහන් රැහැන් කැඩී යාම හේතුවෙනි.
මෙම ස්ථානයේ වොල්ට් 11000 ක අධී බහන් රැහැනක් මෙහිදී කැඩි ගොස් තිබූ බව මේ පිළිබඳව කළ විමසීමක දී කොළඹ දකුණ ප්‍රධාන විදුලි ඉංජිනේරු අජිත් විතාන මහතා පැවසීය.
එකී කැඩී ගිය අධිබල විදුලි රැහැන් අළුත්වැඩියා කෙරෙන තුරු මෙගා වොට් එකේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් ගෙන්වා විදුලිය දීමට මණ්ඩලය උත්සාහ කළ නමුත් එම යන්ත්‍ර තැබීමට තැනක් නොමැති වීම නිසා එක යන්ත්‍රයක් පමණක් පෞද්ගලික ඇඟළුම් ප්‍රදර්ශනාගාරයක පැවැති ඉඩකඩෙක තබා විදුලිය දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
කොළඹ නගරයේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන්ගේ අවශ්‍යතා සඳහා යටි බහන් විතැන්කර දීම විදුලි බල මණ්ඩලය විසින් නිරන්තර කර දෙන බවත් එමඟින් අනපේක්ෂිත බිඳ වැටුම් වළක්වා ගත හැකි බවත් විතාන මහතා කීය.
එසේ නොවී විදුලිය බිඳ වැටීමෙන් පාරිභෝගිකයා පීඩාවට පත්වනවා මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය අපකීර්තියට පත්වීමක් සිදුවන්නේ යැයි යැයි ද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ !! ඔය කියන ආයතන යම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවිට සම්බන්ධීකරණය කර එකිනෙකාගේ භූගත සැලසුම් හුවමාරු කරගත්තා නම් හොඳ නැද්ද? එවිට කිසිම ආයාතනයකට හෝ මහජනයාට හිරිහැරයක් හෝ පාඩුවක් වීම වළකාගත හැකි නොවේද? සිදුවියහැකි එකම දේ නම් නොසැලකිලිමත් කමින් සිදුවිය හැකි පාඩු නොවේද? දැන් කෙරෙනුයේ එකිනෙකාට ඇඟිල්ල දික්කිරීමක් නොවේද?
අනේ පාරවල් හැදුවට පස්සේ ඒවා අාපහු හාරනවා නම්, අඩුම ගානේ තිබිච්ච විදියට අාපහු හදන්න... මොකද ගෙවන්න පුළුවන් හැම බද්දක්ම උපරිමයෙනුත් ගෙවලා ණයට ගන්න පුංචි වාහනේ ඔය වලවල් වල වැටුණාම අාපහු අමතර කොටස්වලට ලොකු මුදලක් ගෙවන්න වෙනවා. අනික ඔය ආයතන කිසියම් පිළිවෙලකට අදාල සංවර්ධන කටයුතු සැලසුමක් ඇතිව කරනවා නම් මහජන මුදල් සෑහෙන්න ඉතිරි කරගන්න පුළුවන්... පාර හදනකන් ඉඳලා වතුර බටදානවා.. එ්ක බාගෙට හදලා යනවා. ඊට පස්සේ දුරකථන සමාගමක් හදනවා. එයාලා තව පොඩ්ඩක් බාගෙට හදනවා...
කොහෙද යටි බහන් තියෙන්නේ? භූගත විදුලි රැහැන කියලා කියන්නකෝ..?
ජනපති හිතාමතා අපහසුවට පත් කිරීමේ වැඩපිළිවෙල සැලසුම් සහගත ලෙස සිදුවන බවයි මේ දකින්නට තියෙන්නේ.
කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නම් USA නමින් සංවිධානයක් තිබෙනවා. මාර්ගවල යම්කිසි වතුර පයිප්ප දැමීම වගේ වැඩක් කරන්නන පෙර මෙම සංවිධානයට දැනුම දෙන්න ඕනෙ. එසේ දැනුම් දුන්න විට සියලුම කේබල් වැනිදේ පාරේ සලකුණු කරනවා. ඒ වැනි දෙයක් ලංකාවේ ඇති කරන්න බැරිද ?