
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීම සදහා ලබාගත් ජනප්‍රිය නොවන දේශපාලන තීන්දු හා කැපකිරීම් වල ප්‍රථිඵල අප දේශපාලන වශයෙන් පරාජය කලත් රටක් ලෙස අත්පත් කරගත් වර්ධනයෙන් තෘප්තිමත් වීමට හැකියාව ලැබීම ගැන සතුටු වන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමකිරිම පදනම්ව Fitch ශ්‍රේණිගත කිරිමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය "CCC+" දක්වා ඉහල දමා තිබිම සතුටට කරුණක් බවද හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අප ගත් තීන්දු අපට පරාජය ගෙනාවත් රටට ජය ගෙනාවා
Asela Monday, 23 December 2024 11:41 AM
එත කොට බංකොලොත් කරේ අපි වෙන්න ඇති ? දැන් රට බංකොලොත් නැහැ රටේ මිනිස්සු බංකොලොත් , රුපියල වැටෙනකොට 200% පමණ වැඩි වූ ජිවන වියදම් එහෙමමයි , උනු එකම වෙනස ඒ උඩට තව තවත් IMF බදු එකතු වීමයි
තිලාන්Monday, 23 December 2024 01:08 PM
රට බංකොලොත් කරන්න මේ මිනිස්සු විතරක් නොවෙයි. ඉතින් ජනතාවත් වග කියන්න ඕන.
dileepa1986 Monday, 23 December 2024 12:13 PM
එතකොට හාල් පොල් නැති උනේ ඇයි. හාල් ස්ටොක් කරගන්න බැරි උන නිසානෙ. ඇයි ඒවා ගැන නොකියන්නෙ.
pjMonday, 23 December 2024 02:50 PM
හාල් පොල් නැති වුණා නොවේ...69 ලක්ෂයක් විසින් බලයට පත් කර ඇත්තේ ඒවැනි සුළු දෙයක් වත් කළමනාකරණය ගැනීමට තරම් දැනුමක් හැකියාවක් නොමැති උද්දච්ච කටින් බතල හිටවන මහාචාර්ය නඩයක් බැවිණි..
karolisMonday, 23 December 2024 05:08 PM
මේ කතාව ඇත්ත. කොට්ටහච්චි රෙද්දක් ඇඳගෙන සිංහලෙන්ම කිව්වා ඕන කෙනෙක්ට ඇත්ත බොරු කරන්න පුළුවන් කියලා. තණකොළ, පුන්නක්කු වලින්ම ජීවත් වෙන 69 ලක්ෂය... ඉතින් ගලේ පහරපු බළල්ලු වගේ වහගන්න හදනවා...
සෙනෙවිරත්න Monday, 23 December 2024 01:11 PM
නැවෙන් බැහැල වගේ කතාව, තමුන්ගෙ සනුහරේ පක්ෂවල අය තමයි රට බංකලොත් කලේ, ඒකට ගත් ක්‍රියාමාර්ග වලට වඩා ජනතාව ප්‍රතිකේෂ්ප කලේ තමුන්ලගේ කල්ක්‍රියාව.
ජයනාත් Monday, 23 December 2024 01:28 PM
බොරු කියන්න එපා. ඔයාලා ගනිපු එකම තීන්දුව අයි.එම්.එෆ් යනවා කියලා විතරයි. ඉතිරි තීන්දු තීරණ සියල්ල අයි.එම්.එෆ් එකේ. එයාලා කියපු දේ කළා. අදටත් ඒක එහෙමයි. ඔය බදු ලයිට් වතුර ඉන්ධන මිල තීරණය එයාලගේ.
Rata Perata Monday, 23 December 2024 01:34 PM
උඹලා වගේ නූගත්, අකාර්්‍යක්ෂම සෙට් එක එලවපු එක තරම් සෙතක් අපේ රටට නිදහසින් පස්සෙම වුණේ නෑ.
සමන් Monday, 23 December 2024 03:13 PM
ඔයාල පරාජ උන එක රට බංකොලොත් භාවයෙන් මිදුන වගේම රටට සහනයක්. රාජ්‍ය වත්කම අව භාවිතය හා නාස්තිය පිළිබද කප් ගහලනේ ඔයාල හිටියේ.
Ranjan R Tuesday, 24 December 2024 07:12 PM
හරියට වෙනකවුරු හරි රට බන්කොලොත් කළා වගේ කතාව. පව් මෙයා දන්නේ නැතිව ඇති මේ රටට දරා ගන්න බැරි විදියට ණය ගත්තේ මෙයාගේ නායකයෝ දෙන්නා රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහ කියලා. වැරැදි තීරණ 1000ක් අරන් රට බන්කොලොත් කරලා එක හරි තීරණයක් අරන් දෙන පොර ටෝක්ස්...!