
(කාංචන කුමාර අරියදාස)
ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් අවසන් තරගය නැරඹීම සඳහා විසිදහසකට ආසන්න ප්‍රේක්ෂක ජනතාව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත අද පස්වරුව වනවිට ළඟාවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා පැවසීය.
කාන්තා ක්‍රිකට් තරගාවලියක් නැරඹීම සඳහා මෙතරම් විශාල ජනතාවක් පැමිණි පළමු අවස්ථාව මෙය බවත් චමරි අතපත් ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්ව එක දිගට දැක්වූ දක්ෂතාවයන් නිසා මෙතරම් ජනතාවක් පැමිණෙන්නට ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.
ඇතැම් විට ලෝකයේ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹූ වැඩිම ප්‍රේක්ෂක ජනතාව මෙදින දඹුල්ලෙන් වාර්තා වන්නට ඇති බව ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලීමක් සිදුකළ යුතු යැයි සුජීවගොඩ ලියද්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමට පෙර තරග සියල්ල අපරාජිතව පවත්වාගෙන යෑම මෙම තරග නැරඹීම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම රට මැද ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පිහිටා තිබීමේ නිසා මේ හා විශාල ජනතාවක් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණෙන්නට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සටන්කාමී විශිෂ්ඨයන්ට ඒ අයුරින් සලකන්න ජාතිය දන්නව. ඒ වගේම නිවටයන් නිග්‍රහයට පාත්‍ර කරන්නත් අමතක කරන්නේ නෑ....
නිකම් නෙවෙයි සල්ලි අරන් පෙන්නුවත් ජනතාව අඩු වෙන්නෙ නෑ.ක්‍රිකට් අප්පිරියා කෙරුවා දැන් ඉන්න සකලබුජං කොල්ලො ටික. කෙල්ලන්ට පිං සිද්ධ වෙන්න අද ජාතිය ම අභිමානයකට පත් වුණා.
මහන්සිවෙලා පුහුණුවෙලා නිහතමානීව , අවංකව කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමේ , නායිකාව චමරි ජනතාවට ආයාචනය කලා , අපි ක්‍රීඩා කරන තරග බලන්න එන්න ඇවිත් සහයෝගය දෙන්න කියලා , 22000 ආවා , කොළඹ තිබුණ නම් 35000 පනිනවා අනිවාර්යයෙන් , කණ්ඩායම දක්ෂ ලෙස ක්‍රීඩාකර වාර්තාගත ජයක් ලැබුවා , ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව , ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමට සාධාරණයක් ඉටුකළා , ජය පරාජය කුමක් වුණත් අවංකව , හදවතෙන්ම , ක්‍රීඩා කරන ඔබලා බලන්න ප්‍රේක්ෂකයෝ අනිවාර්යයෙන්ම හැමදාම එනවා එනවා . ස්තුති අපට මෙවැනි ජයග්‍රහණයක් ගෙන දුන්නාට
ක්‍රිකට් ඉතිහාසය 1996 ටීම් එක 2024 රන් අකුරින් ලිව්වා...
ඉතාම සතුටුයි ... චමරි වගේම අනිත් අයත් හොඳට ක්‍රීඩා කළා...
අප රට සිටියත් පුල පුලා බලා සිටියෙ මේ කප් එක අපේ වෙනකම්. හරිම සතුටුයි. ඛුදුසරනයි ටීම් එකේ සියලු දෙනාටම. ස්තුතියි