
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත් ,ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම පැවසීය.
ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත් ,මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය .
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනකු ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්,පුහුණුකරුවන් , භෞතචිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ප්‍රොමෝ !! එතකොට ඔය කුමන්ත්‍රණකාරී වැඩ හින්දාද අපේ ටීම් එකේ ඉන්න අයට විකට් එක කෙලින් එන බෝලෙට ගහගන්න බැරි වුනේ? SENA රටවල දඟපන්දු යවන්නන් වැඩිම කඩුලු ලාභීන් අතර ඉන්න කොට අපේ දඟ පන්දු යවනන්න්ට මැච් එකක 1 විකට් එකක් වත් ගන්න බැරිව හිටියේ? කරුණාකරලා මේ කට්ටියව ආපහු කිසිම තරඟාවලියකට යවන්න එපා...
මුන් රටේ නමත් කාලයි එන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්, කාලා ඉවරයි. වෙන්න කළින් කිව්වා නම් වටිනාකමක් තියෙනවා. දැන් මොනවටද හේතු කියන්නේ...?
කොහොමද බන් අපේ වෙන්නෙ?
අපේ ක්‍රිකට් කොහේ ද? ඔය ෂම්මී ටුවර් ඇන්ඩ් ට්‍රැවල්ස් නේ.
වෙන කවුරුත් හිටියෙ නෑ උබලා ටික තමා බහිරවයො වගේ හිටියේ.
පින් මඳ පුතුන් සියයක් ලැබුවත් නිසරු, අපේ ක්‍රිකට් ටීම් එක වගේ පුත්තු 100ක් හිටියත් වැඩක් නැහැ ලක් මාතාවට...!
ප්‍රමොද්‍ය කියන්නෙ රන් වලට ප්‍රසිද්ධ කාන්තාවකගෙ සම්බන්ධයක් තියෙන කෙනෙක් නේද ?
දැන් මේක අපේ ටීම් එකක් නෙවෙයි. ඉන්දියාවේ සල්ලිවලට නැටවෙන රූකඩ ටීම් එකක්...
මෙන්න තවත් වික්‍රමසිංහ කෙනෙක් කියනවා පරාජයේ පිටුපස කවුදෝ හිටියලු... නටන්න බැරි මනුස්සයාට පොළව ඇදයි...
අපේ නෙවෙයි, ෂම්මිගේ ක්‍රිකට් කණ්ඩායම...
අපේ ටීම් ඒක නොවෙයි. ශම්මි කම්පනි ටීම් එක.
පාර්ලිමේන්තුවේ මගේ ගෝලයිනුත් මං වගේ ම තමා දුන්නා නේ හොඳ ටොපියක් රටේ මිනිස්සුන් ට හප හප ඉන්න දැන් ඉතින් ඔය උඹ ලා ගැන රටේ මිනිස්සුන් ට තිබුණු අප්‍රසාදය එහෙම ටික ටික අඩු කරගනිල්ලා. ලඟදි චන්දෙකුත් එනවා නේ. ක්‍රිකට් කාරයෝ තමා බිල්ලට අහු උනේ.
මහේල,ප්‍රමෝද්‍ය , නාලන්දාවටත් ලැජ්ජයි . අපේ ක්‍රීඩකයන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් මීට වඩා හොඳට ක්‍රීඩා කරන්න පුලුවන් වෙනවා නොඅනුමානයි.
ක්‍රිකට් කාල ඉවරවෙලා මීඩියා එකටත් එනවලු මෙයා අමු පිස්සෙක්. ඔයාල එක්ක දැන් ලංකාවෙ මිනිස්සු නැහැ.
ලංකාව ගැන ලැජ්ජයි...
විකාර කතා කියන්න එපා ප්‍රෙමා්දය...
ඔය නවසීලන්ත මැච් එකේදී අර අවසානයේ පිතිකරණයේ යෙදුනු ළමයි තුන්දෙනා නම් පන්දු යවන්නන් වෙලත් ටිකක් හරි තමන්ගේ රටේ මිනිස්සුන්ගේ නම්බුව රැකගන්න ලොකු උත්සාහයක් කරලා ඔය ගානට හරි ගෙනාවා. නැත්නම් ඉවරයි... අනිත් පිතිකරුවෝ කියන වැඩිහරියක් හැදුවේ කලින් දවසේ මැක්ස්වෙල් ගැහුවා වගේ ආපු ගමන් ගහගෙන ගහගෙන කෙළගෙන කෙළගෙන නෙලාගෙන නෙලාගෙන යන්න. ඉතින් සාමාන්‍ය දැනුමක් මොලයක් නැති ඔය වගේ මෝඩ මිනිස්සුන්ට ගිහින් අන්තර් ජාතික ක්‍රිකට් ගහන්න පුළුවන්ද?
එක එක්කෙනා එකඑක කතා කිව්වට බැරිකම ගැන කවුරුවත් කියන්නේ නැහැ...
චික්කේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම කියලා නම් කියන්නම එපා... ලැජ්ජාවේ දුකේ බැහැ... මාළු කඩේ මැස්සෝ එලවන්නවත් වටින් නැති සෙට් එකක්...
ඩිල්ෂාන් මධුසංකට උණුසුම් සුබපැතුම්...!
ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්, විනෝදාස්වාදයක් මිසක් ජනතාවගේ ජීවිතය නොව... රටේ ජනතාව කන්න බොන්න නැතිව.., ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා , ජීවිත පවා අහිමිවෙලා තියෙනවා. මේවා යට ගහන්න රජයට සහ සමහර බයි කල්ලියක අවශ්‍යයි.
* බාල්දියක් ලැහැස්තියි, බැරි බැරි රෝගීන්ව නාවලා, පොවන්න.
අනේ කාලේ වනේ වාසේ, අවසානයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් දේශපාලකයින්ට වගේ මහජනතාවගෙන් ආරක්ෂා වෙන්න පොලිස් ආරක්ෂාව උවමනා වුණු බව පෙනෙනවා...
ඔවුන් සෙල්ලම් කරන්න නෙමෙයි හොඳ... යවන්න ඕන අඹේවෙල කිරිහරක් බලන්න... පහුගිය කාලේ අපි මොනතරම් ආසාවෙන් බලපු ක්‍රීඩාවක්ද අද බල්ලට ගිහින් තියෙන්නේ.... මේ සක්කිලි හැත්ත ඒකත් නැති කළා...!
මෙයා නිදිපෙති බීලද සෙල්ලම් කරන්නේ...?
රෙදි ඇඳගෙනද දන්නේ නැහැ කට්ටිය ආවේ...?