IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’

(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය.

කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී මෙය පැවැත්විණි. 

" ලොව දිනන ජවයක්- අපරාජිත ගමනක්" යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංවත්සර උත්සවයට විශාල ජනතාවයක් සහභාගී වූහ.

"එය වේදනාවෙන් පිරුණු ඉතිහාසයක්.ශාරීරික වශයෙන් අතිශය වේදනාවට ලක් වූ ඉතිහාසයක් තිබෙනවා.එමෙන්ම මානසික වශයෙන්ද අතිශය වේදනා දුන් ඉතිහාසයක් තිබෙනවා.ඒ ඉතිහාසය සමඟ අඛණ්ඩ සබඳතාවයක් තිබෙන බොහෝ සහෝදර සහෝදරියන් මොහොතක් හෝ ඉකි ගසා හඬා තිබෙනවා

අප නව පරිච්ඡේදය ලියමින් තිබෙන්නේ ඉතිහාසයේ අඛණ්ඩතාවයේ පරිච්ඡේදය මිසක් ඒ ඉතිහාසයෙන් ගිලිහුණු පරිච්ඡේදයක් නොවන බව හැමදෙනාම මතක තබා ගත යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (8)

’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’

අරවින්ද මොණරවිල Wednesday, 14 May 2025 07:22 PM

ඉතිහාසයේ පක්ෂය වෙනුවෙන් වද වේදනාවන්ට මුහුණ දුන්නා මෙන්ම ජීවිතය පරිත්‍යාග කළ සොහොයුර සොහොයුරියන්ට යුක්තිය ඉටු කරන්න කාලය එළැඹිලා තිබෙනවා. වර්තමාන නායකත්වයේ කරමතයි... ඒ වගකීම පැවැරිලා තිබෙන්නේ, ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වේදැයි රටවැසියන් බලා සිටින බවද මතක්කර දෙමි...

:       13       32

so sadThursday, 15 May 2025 11:29 AM

ඒ වගේම තමුන්නැහේ ලා නිසා ජීවිත අහිමි උන පවුල් වලට විනාශ කරපු රටේ දේපල වලටත් සාධාරනයක් ඉෂ්ට කරයි නේද ?ඒවා මතක මිනිස්සු ත් තවම මේ රටේ ජීවත් වෙන බව අමතක කරන්න එපා . දැන් නිකන් සුදු ඇඳගෙන ආවට ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියනවා

:       1       8

මංගල කරුණාරත්න Wednesday, 14 May 2025 07:46 PM

මොවුන්ගේ කටයුතු නිසාද, අදත් ඉකිගසන තවත් අය ඉන්නවා.

:       19       41

රම්බොඩ Wednesday, 14 May 2025 07:57 PM

ජ.වි.පෙ. දැන් නැත. ඒ නිසා බොරුවට තරුණ කොටස්වල මොළ ඔද්දල් කරලා ඔවුන් රටක්, ජාතියක් ආගමක් නැති දේශපාලනයක් පමණක් ඇති හිස් මිනිසුන් බවට පත් කිරීමෙන් වළකින්න. හුදෙක් පළිගැනිමේ චේතනාව ඊර්ෂ්‍යාව, කුහකකම සහ තම මතය පමණක් හරිය අන් සියලු දෙනා මෝඩ මිනිසුන්ය කියන අඳබාල සංකල්ප වලින් මිදෙන්න.

:       23       44

මැක්ස් Thursday, 15 May 2025 06:00 AM

පසුගිය 60 වසර පුරා ඔබතුමන්ලා විසින් මේ රටට කළ හානිය සුලුපටු නැහැ. රටට තාමත් හඬන්නට සිදුව ඇත්තේ මූලික වශයෙන් ඔබේ පක්ෂයේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙනි.

:       0       1

Sudda Thursday, 15 May 2025 09:01 AM

රටේ දේශපාලනයේ නව පෙරලිය, දුෂණයෙන් තොර පාලනය දරාගන්න බැරි හාමුලගේ කටුකන නරි කොමෙන්ටු දාන්න පටන් ගෙන ඇති බව පේනවා පින්වතුනි

:       8       0

ගුණරත්න Thursday, 15 May 2025 10:55 AM

රට කාපු පක්ෂයක් මේක, ආණ්ඩු බලය නොතිබ්බාට උන් කරපු විනාශය දෙවැනි වන්නේ කොටි ත්‍රස්තවාදීන් කරපු විනාශයට පමණයි.

:       0       9

kamal Koyrala Thursday, 15 May 2025 11:27 AM

60 වසරක සැමරීමක් තිබුනේ නෑ — තිබුණේ සුපුරුදු දේශපාලන රැස්වීමක් පමණයි. එකම කතාව ජනතාවට දැන් කට පාඩම්

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 674 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site