IMG-LOGO

අපේ ආරක්ෂාවට ඇමරිකාවේ උදව් එපා යැයි හැරී-මේගන් කියති

තමන්ගේ ආරක්ෂක වියදම් සඳහා ඇමරිකාවෙන් උදව් ඉල්ලා සිටීමට කිසිදු සැලැස්මක් නැතැයි හැරී කුමරු සහ මේගන් කුමරිය පවසති.

හැරී මේඝන් යුවලගේ ආරක්ෂාව සඳහා ඇමරිකාව මුදල් නොගෙවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්ටිටර් පණිවුඩයකට ප්‍රතිචාර ලෙස ඔවුන් එම ප්‍රකාශය කර තිබේ.

හැරී කුමරු සහ මේඝන් කුමරිය නිකුත් කළ පණිවුඩයේ මෙසේ දැක්වේ,

" තම ආරක්ෂක වියදම් සඳහා ඇමරිකාවෙන් මුදල් ඉල්ලා සිටීමට සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියට කිසිදු සැලසුමක් නැත. පුද්ගලික වියදමින් ආරක්ෂක විධිවිධාන සලසා ඇත."

“ඔවුන් දැන්  කැනඩාව අතහැරලා එක්සත් ජනපදයට ඇවිත්. ඒ වුණත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් එක්සත් ජනපදය වියදම් කරන්නේ නෑ. ඒකට ඔවුන් වියදම් කරපුවාවේ“ යයි ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණ.

පසුගිය ජනවාරි මාසයේදී හැරී මේඝන් යුවල තම රාජකීය රාජකාරි වලින් ඉවත් වන බව පැවසූහ.  පසුව කැනඩාවේ වැන්කුවර් දූපතේ මාස කිහිපයක් ගතකළ ඔවුන් මෑතකදී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත පදිංචියට ගිය බව වාර්තා විය.

රාජකීය යුවළ ලොස් ඇන්ජලිස් දක්වා පුද්ගලික ගුවන් යානයකින් පියාසර කළ බව එංගලන්තයේ ‘සන්‘ පුවත්පත වාර්තා කළ නමුත් ඒ කවදාද යන්න හෙළිකර නොතිබිණ. මේ වන විට පැතිර යමින් පවතින කොරොනා වසංගතය හේතුවෙන් අත්‍යවශ්‍ය ගමන් හැර අනෙක් ගමන් බිමන් සඳහා ඇමරිකාව සහ කැනඩාව අතර දේශසීමා වසා දමා තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

අපේ ආරක්ෂාවට ඇමරිකාවේ උදව් එපා යැයි හැරී-මේගන් කියති

රවින් Tuesday, 31 March 2020 09:08 AM

ඔය මෑන්ස් නිකම්ම ෂෝ කාරයෙක්. තමන්ගේ අයට හරියට ආරක්ෂාව දෙන්න බැරිව අනික් අයට ආරක්ෂාව දෙන්නේ කොහොමද? ලංකාවේ ඕකට කියන්නේ " ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ " කියලා.

:       0       26

de silva Tuesday, 31 March 2020 03:27 PM

අමෙරිකාව හතරගාතේ වැටිලා ඉන්න මොහොතක මේ ගොල්ලත් එහෙට කඩා වැටුනහම නිකන් කොරේ පිටට මරේ වගේ තිබේවි... ඇමරිකාවට එන්නේ නැතුව කැනඩාවේම හිටියනම් ඔබලාට මීට වැඩිය හොද නැද්ද? ලෝකේ වටේම කරක් ගහල අන්තිමට එංගලන්තෙට අපහු යන්න වේවිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 140 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 349 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site