(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවන අතර, එම අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2168 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
හෙට(3) ඊශ්‍රායලය බලා පිටත්ව යන තවත් සාත්තු සේවා වෘත්තිකයින් 20 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලද අතර, එම පිරිසට කාන්තාවෝ 18 දෙනෙක් හා පිරිමි දෙදෙනෙක් අයත් වෙති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි
Nihal Friday, 02 May 2025 05:19 PM
කිසිදු වැරදි වැඩක් කරන්න එපා. ඇසට නොපෙනෙන තැන්වල සිවිලින් පෑන් හොයන්න බැරි තැනක ඉතා කුඩා කැමරා සවිකරලා ගෙවල්වල වෙන දේවල් ඔක්කොම පෝන් එකෙන් බලනවා.
Chathuri Friday, 02 May 2025 08:31 PM
අපේ රටේ. රෝගීන්ගේ අවාසනාව. මේ විදියට. හොඳ සේවයක් නොලැබීමට.... රෝහලකට ගියාම. අන්තිම කැතයි කතාකරන විලාශය රෝගින්ට. මහළු දෙම්ව්පියන් මහ පාරට. ගෙවන මුදල වැඩි නිසා හොඳ සේවයක් ලබා දෙනවා.
ගාමිනී සෙනෙවි Saturday, 03 May 2025 08:18 AM
ඊශ්‍රායෙල් මිනීමරු රාජ්ජයකට ගිහිල්ලා මිනී මරුවන්ගේ හෝදනවා කියන්නේ අපි මොන තරම් අවලන් අයද? පලස්තීන ළමයින් ගැහැණුන් දිනපතා කරනවා මේ තිරිසන් ඊශ්‍රායෙල් රාජ්ජය...
fairoos Saturday, 03 May 2025 11:47 AM
අනේ වාසනවාන්
Bunny Preena Monday, 05 May 2025 03:26 PM
ඔවු ඉතින් වැරැදි වැඩ නොකර හොඳින් වැඩ කරගෙන ඉන්න තාක්කල් කවුරු කවුරුත් හොඳ සහතික දෙයි..