(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
බලගතු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය මූලික පදනම මේ වනවිටත් සකස් කරමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීමට මූලික වී කටයුතු කළ ප්‍රබලයින් සහ බලවේග රැසක් සහ විපක්ෂයේ කණ්ඩායම් සමගත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මේ වනවිට කටයුතු කරමින් සිටන බව ද අබෙිවර්ධන මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
"ආණ්ඩුව පිහිටුවන්නේ කොහොමද කියා ඇතැම් අයට ප්‍රශ්නයක් විය හැකියි. පක්ෂය දෙන උපදෙස්වලට අනුව තමන්ගේ වගකීම ඉටුකරමින් 2023 ආණ්ඩුවක් බලයට පත්කරගන්නා වැඩපිළිවෙල දෙස විමසිල්ලෙන් බලාසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා"යනුවෙන් ද වජිර අබෙිවර්ධන මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු හරිය මදිද?
බොහොම ස්තුතියි සර්. කාලෙකට පස්සෙ හොඳට හිනා වුණා.
ඔය හැම එකාවම බලගතු කරන්න ගිහිල්ලා අපිට දැන් හති වැටිලා ඉන්නේ... තරුණ පරපුරකට බාර දීලා ඔයගොල්ලෝ විශ්‍රාම ගන්න..
විහිළු කතා නොකියා ලබන පාර ඡන්දෙදී ජාතික ලැයිස්තු මන්ත්‍රීකමත් නැතිකරගන්න එපා. මට පේන විදිහට ලබන පාර ඡන්දෙ ඉල්ලන්නට වෙන්නෙත් පොහොට්ටුවෙන් තමයි.
ආයෙත් ඔහෙලට මේ රටේ බලයක් දෙන්න මිනිස්සු මෝඩ නැහැ මහත්තයෝ...
2023 දී බලගතු ආණ්ඩුවක් තියා පහුගිය ඡන්දයෙන් රටේ මහජනතාව රනිල්ව කොච්චර ප්‍රතික්ෂේප කළාද කිව්වොත් රටේ එක ආසනයක් රනිල්ට දිනාගන්න බැරිවුණා. මෙහෙම වෙච්චි රනිල් කොහොමද 2023 ආණ්ඩු හදන්නේ. තවත් මේ රනිල්ව උස්සගෙන වටේ ඉන්න ගොන් රැල මේ නටන විහිලු නාටක රටේ මුල්ම සද්දන්තම ශ්‍රේෂ්ඨම පක්ෂය වන එජාපයට කරන මොනතරම් අපරාධයක්ද? එජාපය රනිල්ගේ බූදලයක් නෙමෙයි. එජාපය දිනන සජිත්ට දීලා පචා නොවී රනිල්ට ගෙදර යන්න කියන්න.
පුදුම ජෝකර් කෙනෙක්නේ. චාලි චැප්ලීන්ගේ රෙකෝඩ් එක කඩන්නයි හදන්නේ.
හීන තිබුණට කෝටියක්... අතේ නෑ එක රුපියලක්...!!!
ඇමැතිවරුන් ගැන හිතන්න. අපිට තිබුණු 1948-56 කාල වකවානුව මෙන් කටයුතු කරන්න...
ආණ්ඩුව කෙසේවෙතත් අප්පුහාමිලා 225ගෙදර යන්න ලෑස්තිවෙලා ඉන්න. ඔබලා සියලුම දෙනා අපේ රටට කොඩිවිනයක් වුණා. තමුන්නාන්සේලාට ආයිත් බලයක් දෙන්න තරම් අපේ රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ ගොබ්බයින් නෙමෙයි මහත්තයෝ... අවුරුදු 73ක් තිස්සේ කරපු හරිය හොඳටම ඇති මහත්තයෝ...
2 ශ්‍රේණිය ළමයිනුත් ඔය වගේ කතාවල් කියනවා. පව්...!!! .
එජාපෙ ඉතුරුවෙලා ඉන්නේ ජරාම සෙට් එක. ඔවුන්ට ගොඩයෑමක් නෑ...
2033වත් ආණ්ඩුවක් පිහිටුවන්න ලැබෙන්නේ නැහැ. මෙන්න කැට...
මෙන්න මෙයා දැකපු දවල් හීනයක්...!!!
අපෝ නොදකින්... අවුරුදු 72 ක් කරපු විනාශය හොඳටම ඇති... කපෝති වෙලම පලයල්ලා
අවුරුදු 73 ක් වන විට ඔය දෙගොල්ලන් කරලා තියෙන්නේ අප රවටා, රට කාබාසිනියා කොට කරවටක් ණය ගොහොරුවේ දැමීමයි. රජයේ දේපල හා මුදල් වෙස්සන්තරලා වගේ කලගුණ සැලකීමට යොදනවා. අන්තිමට අපම තමයි ඔය දෙගොල්ලන්ම පත් කලේ... මෙවැනි තත්ත්වයකදී අපට නම් හිතෙන්නේ වෙනත් කවුරු හරි නිකමට හෝ පර්යේෂණයකට බඳුන් කිරීමයි.
අම්මපා.. කියපන් කොලුවෝ...!!"
මේ කාලයේ රට්ටු හිනැස්සවීම පිනක්, ඒත් මහත්තයෝ ඔය විහිළුව පුනරුච්චාරණය නොකර 2023ට කලින් ඔය නායකතුමාගේ ප්‍රධානත්වයෙන් බලගතු විපක්ෂයක් පුළුවන්නම් පිහිටුවමු. ආණ්ඩු පිහිටුවන්න ඊට පස්සේ පුළුවන්...
දවල් හීන දකින සෙට් එකට ඔය වගේ දේවල් පේනවා ඇති. බලයේ ඉන්නකොට කිව්වේ බොරු. අද කියන්නේත් බොරු. බයිලා කිය කියා ඉන්නකෝ...
මේ අයට විකාරද මන්දා... ?
අනේ මහත්තයෝ ඔයාලා කවුරු ආවත් එකයි. ඒක මේ රටේ බහුතරයක් මිනිස්සු දන්නවා. හොඳයි කියලා දෙන්න කෙනෙක් නැති එකයි කරුමේ...
පළවන පුවත් සඳහා ලයික්, ඩිස්ලයික් ලබාදිය යුත් වන්නේ එක්වරක් පමණයි. අනවශ්‍ය ආකාරයට ඕනම කෙනෙකුට ඔවුන්ගේ මනාපයට අඩුවැඩි කරගත හැකි නිසා කිසිදු යථාර්ථවාදී අදහසක් ගැනීමට නොහැක..
ඉලක්කය 2075 අවුරුද්දට වෙනස් කරන්නද? ටිකක්හරි හිතාගන්න පුළුවන්...!!
මෙයා, රනිල්, සාගල තිදෙනාටම රාජපක්ෂවරු සදා ණයගැති විය යුතුයි. විහිළු කතා කියන්න එපා..
අපි දාන ප්‍රතිචාර වලට ලයික්ස් 10ක් වැටෙන කොට අන්ලයික් 100ක් විතර වැටෙනවා. මේකෙන් පෙන්වන්න හදන්නේ ආණ්ඩුව ගැන මිනිස්සු කළකිරිලා ඉන්නේ කියලා.. මෙතන මොකක්හරි වැරැද්දක් වෙනවා කියලා පේනවා..
මේ 225 ගෙදර ඇරලා ඒ වෙනුවට පත්කරගන්න පුළුවන් හොඳ අවංක රට ගැන හිතලා වැඩ කරන හොරකම්, වංචා නැති 225ක් ගැන මම නම් දන්නේ නැහැ.
අායිත් ඉතින් 3023 බලපල්ලා....මේ ශත වර්ෂයේ නම් සොරි...
ඉඟුරු දීලා මිරිස් ගත්තා කිව්වට... අපිට නම් තාම මිරිස් තමයි හොඳ... පහුගිය කාලේ එක්ක බැලුවාම...
ගෝඨාභයට ඡන්දය ඉල්ලන්න හදලා දුන්නු අයට නම් හොඳක් නම් වෙන්න එපා...
දැන්ද නැගිට්ටේ ?
අර එළුවගේ මොනවද වැටෙනකම් බලන් ඉන්නවා. ඇපත් නැතිව පැරදිලා දැන් ආණ්ඩුත් හදනවලු... මාර විහිළු කාරයෝ...
අැවන් ගාඩ් එකේ උදව්වෙන්ද?