(අංජුල මහික වීරරත්න)
ලංකාව වසර ඉකුත් වසර දෙකක මුහුණ දුන් අඳුරු සමය පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ක්‍රමයෙන් අවතීරණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දීපවාලී උත්සවය වෙනුවෙන් කොළඹ දී ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා සශ්‍රීකත්වයේ පහන් එළි දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත් ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වනු ඇතැයි කීය.
අන්ධකාරය පරදා ආලෝකය ජයග්‍රහණය කරන දිපවාලි සැමරුමකට ශ්‍රී ලංකාවාසී සහ ලොවපුරා සියලු හින්දු බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට පෙනෙන, ජනතාවට නොපෙනෙන සංවර්ධනය.
ඕවාට ඉතින් ජෙප්පෝ කැමැති නෑ..!
දේශපාලකයින්ට නම් ආලෝකය උදාවෙලා... ජනතාව නම් අඳුරෙන් අඳුරට... අන්න 10%ක වත් වැට් බද්දක් එනවා... තෙල් වලට ඊළඟ ජනවාරි ඉඳලා...
සංවර්ධන ආලෝකය??? විදුලි බිල ගෙවාගන්න බැරුව අපේ ‘‘සංවර්ධන ආලෝකය‘‘ කපලා ගියා...!
රෑ හීනෙන් කණා මැදිරියෙක්ව දැක්කාද?
රටට හා එහි වෙසෙන ජනතාවට නොවෙයි, රට උලා කාලා විනාශ කෙරුව දූෂිත හොරු රැලට...
ඔය කතාව වසර 70 ඉඳන් රනිල් කියනවා... කෝ තාම නෑ. කොහෙන්ද අපිට හිනා යන්නේ...!
ජෙප්පෝ ඔය වගක් කිව්වේ නැහැ. මෙයා දවල් හීන දකිනවා වගෙයි.