IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘‘අඳුර අතීතයට දී සුභ උදෑසනක් නිර්මාණය කරනවා‘‘

(ආරියරත්න රණබාහු)

අඳුරුභාවය අතීතයට බාරදී අපේ රටට සුබ උදෑසනක් නිර්මාණය කළ හැකි යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ දී පැවසීය.

ඇස් පෙනෙන කන් ඇසෙන නිවැරදි චලනයන් සිදු කරන පිරිසක් මේ රට දීර්ඝ කාලයක් පාලනය කළ බව පැවසූ ඒ මහතා එහි අනිටු ඵල විපාක සමස්ත සමාජයම වෙලා ගෙන ඇතැයි ද පැවසීය.

මේ රට විශාල කඩා වැටීමකට ලක් වී වැඩිම වින්දිතයන් බවට පත්ව තිබෙන්නේ ආබාධිතයන් .එහෙත් ඒ කිසිවකු ඒ පිළිබඳව මෙහිදී චෝදනා කළේ නැහැ.

විවිධ ක්ෂේත්‍රවල ආබාධයන්ට ලක්වූවන් තමන්ට බලපා ඇති තත්ත්වයන් විවිධ ආකාරයෙන් මෙහිදී ඉදිරිපත් කළ පැවසූ දිසානායක මහතා ඔවුන් ඉදිරිපත් කළ විවිධ රංගනයන් දකින විට නිතැතින් සිහිවන්නේ අප කෙතරම් අකාරුණික සමාජයක කෙතරම් අයුක්ති සහගත වටපිටාවක සිටින්නේද යන්න යයි.

ජාතික ජන බලවේගයේ නායකයා මෙම අදහස් පළ කළේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව එම පක්ෂයේ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල එළිදැක්වීම සඳහා කොළඹ පදනම් ආයතනයේ  සංවිධානය කර තිබූ උත්සවයේදීය.

 



අදහස් (8)

‘‘අඳුර අතීතයට දී සුභ උදෑසනක් නිර්මාණය කරනවා‘‘

Chinthaka Sunday, 04 August 2024 05:50 PM

යුද්ධය නිසා අදුරට වෙලා ඔබ ඉදිරියේ සිටින සියලු දෙනාම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ එතකොට 1971 ,1988 හා 89 වර්ෂවල ජනතා විමුක්ති කියාගත් පෙරමුණ විසින් අදුරු කල අතීතය නිසා පීඩාවට පත්වෙලා සිටින පවුල්වල අය ගැන මොකද කරන්නෙ පැහැදිලි කරන්න බ්‍රෝ

:       0       0

මැක්ස් Sunday, 04 August 2024 06:06 PM

1971 සිට මේ දක්වා රටට උදා වූ සෑම උදෑසනක්ම අඳුරු කළ අමනුස්ස රැල වෙස් බැඳගෙන ඇවිත් රඟන මේ රඟිල්ල ඊයේ පෙරේදා ඉපදුණු අයට හැර මෙරට බහුතරයකට නම් අමුතු දෙයක් නොවේ.

:       0       0

රංබොඩ Sunday, 04 August 2024 06:31 PM

කතා නම් හරි ම සුන්දරයි. රටක් පාලනය කරනවා කියන්නේ සාහිත්‍ය රචනාවක් නෙවෙයිනේ... ඒකයි ප්‍රශ්නය...!

:       0       0

තස්ත්‍ර මාෂල් Monday, 05 August 2024 08:36 AM

ගෙවල් ඉස්සරහට ඇවිල්ල දරුවන් ඉදිරිපිට පියවරුන්ව ඝාතනය කරපු කර්මය මොන උදාසනකින්වත් ඉවර වෙන්නේ නැහැ .

:       20       8

Nilantha Monday, 05 August 2024 10:39 AM

එපමණක්ද නැහැ... රාත්‍රි කාලයේ ගෙදර ලාම්පුවක් දල්වන්න තහනම් බල්බයක් දල්වන්න තහනම් දැන් වගේම දරුවන්ට අධ්‍යාපනය සඳහා උපරිමයෙන් බාධා කළා රාත්‍රියේ දරු ප්‍රසූතියකට ආසන්න මවකට රෝහලට යන්න තහනම් කළා ගියොත් මැරුවා කිරි දරුවන්ට කිරිපෙව් මවගේ පියයුරු කපා දැම්මා. එහෙම කරපු අය අඳුර අතීතයට දීලා ශුභ උදෑසනක් හදනවා කියන්නේ කොතැනින්ද තේරුම් ගන්න බැහැ... ඔය අතරේ මුලින් කියපු දේ කර 88-89 කැරැල්ල මර්දන අවස්ථාවේ අත් අඩංගුවට ගන්නවාට බියෙන් විදෙස් ගතවී සිට අරක කරන්න ආවා මේක කරන්න ආවා කියන පිරිසක් බබාලා වගේ රඟපානවා කියලා පේනවා...

:       4       6

fairoosMonday, 05 August 2024 11:28 AM

මේවගේ අය ඉන්නකන් රටට අබ සරණයි...!

:       8       1

අන්‍ර්‍රයියා Monday, 05 August 2024 02:33 PM

කයියනායකලා හදපු රටවල් ලෝකේ කොහේවත් නැහැ...!

:       0       3

Bamunuarachchi Monday, 05 August 2024 09:31 PM

ඔයාට ඒක අමතක වුනාට ගෙවල් වල රෑට පහන් පත්තු කරන්න එපා කිව්ව කාලේ අපිට හොඳට මතකයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site