(අංජුල මහික වීරරත්න)

වංචා දූෂණ වලට සම්බන්ධ වූ ආච්චිලාගේ සිට අම්මලාට බාප්පලාට ඔක්කොටම නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ ගොවි ජනරැළිය අමතමින් අද පැවසීය.

මහජන මුදල් වලට අත තැබුවොත් කවදා හෝ වන්දි ගෙවන්නට සිදුවන බව ඔප්පු කර පෙන්විය යුතු යැයි ද ජනාධිපතිවරයා කීය. " අපේ ආණ්ඩුව සමග ජනතාව ඉන්නා තුරු අපි හොල්ලන්න බැහැ.විනාශකාරී කණ්ඩායම් වියරු වැටිලා. සී.අයි.ඩී එකට තිබුණේ අනුරාධපුරේ ගිහින් වීසි දැලක් දාන්න. කට්ටියම එකට අහුවෙන්නේ. ජනතාවට මුකුත් වෙලා නෑ.මොකුත් වෙලා තියෙන්නේ මේ අයට. මේ රටේ ආපහු බලය මාරු වෙනවා නම් එලෙස බලය මාරු වන්නේ අපට වඩා හොඳ කණ්ඩායමක් අතට පමණයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අති විශාල ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී මෙම ජන හමුව පැවැත්විණි.

IFrame