(කුමාර සී ලියනාරච්චි)

අම්පාර සම්මන්තුරේ නෛකාඩු ප්‍රදේශයේ පොල් වත්තක් වට කොට ඇද තිබි අනවසර විදුලි රැහැනක පැටලි  වයස අවුරදු 13 ක වයසැති පිරිමි ළමුන් දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මිය ‌ගොස් ඇත්තේ මොහාමඩ් ආසික් සහ මොහොමඩ් ඉබ්‍රාහිමි යන ඒකම වයසේ ඒකම නිවසසේ වාසය කල ළමුන් දෙනෙකී

මෙම දරුවන් දෙනා දර කැඩිම සදහා ගොස් ඇති අතර ඒහිදි පට්ටම්පිටිය ඇල නමින් හසුවන කුඹුරු යාය සහ පොල් වත්තට මායිම්ව ඇති ඇල තුල විදුලි රැහැනේ පැටලි සිටින අයුරු දැක ගන්නට ලැබි ඇත .

ඒකම නිවසක වාසය කරනු ලැබු මෙම දරුවන් දෙනාගේ මරණය පිලිබදව සම්මන්තුරේ පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ සිදු කරනු ලබයි .