IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අනවසර ලී බඩු සමඟ යුද හමුදා භටයින් තිදෙනකු අල්ලයි

(බී.ජි. චතුරංග )

බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන්  පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද  හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකරගම පොලිසිය පවසයි.

මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්නෑව, බුල්නෑව  ප්‍රදේශයේ   යුද හමුදා කඳවුරක සේවයේ නිරත , එප්පාවල හල්මිල්ලෑව , පළුගස්වැව විජිත පුර , ගල්ගමුව පාළුව, යන ප්‍රදේශවල පදිංචිව සිටි සාමාන්‍ය සෙබළුන් දෙදෙනකු සහ කෝප්‍රල්වරයෙකි.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ (24දා) ප්‍රියංකරගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක්, එප්පාවල ඉහල හල්මිල්ලෑව, අධිරානිගම ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කල බව පොලිසිය කියයි.

සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම වඩුමඩුව තුල තිබී සාදා නිම කරන ලද පුටු කට්ටල  දෙකක් , මේස දෙකක් සහ අඩක් නිම කරන ලද ඇඳක්  ඇතුළු ලී බඩු සෑදීමට උපයෝගී කර ගන්නා වඩු උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය  වැඩි දුරටත් සඳහන් කළේය. 

 

 



අදහස් (0)

අනවසර ලී බඩු සමඟ යුද හමුදා භටයින් තිදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site