IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අනිල් ජාසිංහ යළි සෞඛ්‍ය සේවයට කැඳවයි


 
(විනීතා එම් ගමගේ )


පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බලකායේ කටයුතු සඳහා කැඳවීමට රජය තීරණය කර ඇත.


ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර එහි දී කොවිඩ් 19 මර්දන කටයුතුවල දී විශිෂ්ඨ කාර්ය භාාරයක් ඉටු කළේය.


යළිත් එම කටයුත්තට සහය වීම සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතරතුර ඔහු කැඳවීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.



අදහස් (26)

අනිල් ජාසිංහ යළි සෞඛ්‍ය සේවයට කැඳවයි

ඉරෝෂ්  Wednesday, 18 November 2020 08:30 AM

ඉතාමත් හොඳ තීරණයක්,කෙටි කලක් තුල රජය කරනලද වරද නිවැරදි කිරීම ගැන සතුටුයි

:       0       0

lal Wednesday, 18 November 2020 08:32 AM

මෙහෙම සවුත්තු වුණේ නෑ... හිටන් මහත්තයා නම්...

:       0       0

Kule Wednesday, 18 November 2020 08:39 AM

සුදුස්සා සුදුසු තැන සිටීමත්, නුසුදුස්සා නුසුදුසු තැන සිටීමේ ඵලවිපාක අප අත්විඳ තියෙනවා. පාලකයින් මෙය හොඳට වටහාගත යුතුයි.

:       0       0

නුවන්සර Wednesday, 18 November 2020 08:51 AM

හොඳ පියවරක්... ඔබ ළඟින් සිටීමත් කොරෝනා කාර්ය සාධක බලකායට සවියක් වනු නොඅනුමානයි.

:       0       0

JCN Wednesday, 18 November 2020 09:01 AM

හමුදාපතිතුමා ඔය මදැයි කළා...

:       0       0

Prasad Wednesday, 18 November 2020 10:15 AM

සර් ෆේල් කියලා ඔප්පු කරන්න වෙන කතා ඕනෑ නැහැ... මේකම ඇති නේද? මිස්ටර් 10% වෙනුවට මෙතුමා ප්‍රධානියා කරන්න.

:       0       0

Lakmal Wednesday, 18 November 2020 10:40 AM

වැඩේ හොඳටම වණ වුණාට පස්සේ දැන්ද කැඳවන්නේ ? මේ ආණ්ඩුවෙ සේරම වැඩ එහෙමයි.

:       0       0

Sunil Wednesday, 18 November 2020 10:57 AM

ආණ්ඩුව පරාදයි.. කොයි පැත්තෙන්ද හිනාවිය යුත්තේ?

:       0       0

Dewa Wednesday, 18 November 2020 11:04 AM

පහුවෙලා හරි ගත්ත හොඳ තීරණයක්... හැබැයි කකුලෙන් අදින්නේ නැතිව එතුමාට කටයුතු කරන්න ඉඩ දෙන්න.

:       0       0

Nuwan Wednesday, 18 November 2020 11:14 AM

සර් සාමාන්‍ය දැනුමත් ෆේල් වගේ...

:       0       0

Amila Wednesday, 18 November 2020 11:26 AM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ.

:       0       0

විජිත් Wednesday, 18 November 2020 11:44 AM

"කලකදී වහලු කලකදී රස වෙනවාලු..." අනිල් ජාසිංහ මහත්මයා, පබා පලිහවඩන මහත්මිය, කියන්නේ අපේ රටේ සිටිය අගනාම "මැණික්" දෙකක් වැනි සෞඛ්‍ය සේවයේ ඉහළම අත්දැකීම් ඇති, ඒ වගේම ඉහළම සුදුසුකම් ඇති වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙක්... අපේ රටේ මෝඩ, උද්දච්ච පාලකයින්ට ඔවුන්ගේ වටිනාකමට වඩා හමුදාවේ හිතවතුන් ලොකු වුණා. ජාසිංහ මහත්මයාට "උසස්වීමක්" දීලා එතුමා "නොදන්නා " පරිසර අමාත්‍යාංශයට යැව්වා. පබා පලිහවඩන මහත්මියට සේවා දිගුවක් නොදී ඇයව ගෙදර ඇරියා. අපේ රටේ අහිමිවීම තවත් රටක භාග්‍යයකට දොර හරිමින් එතුමියව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම තනතුරකට ඉන්දුනීසියාවට පත්වීමක් ලැබුවා. දැන් කොරෝනා ලෙඩේ අනාගත්ත නිසා.. ලැජ්ජාවෙන් හරි ජාසිංහ මහත්මයාගේ පිහිට පතන්න ආණ්ඩුවට සිදුවුණා...

:       0       0

sampath Wednesday, 18 November 2020 11:53 AM

සෞඛ්‍ය ලේකම් කරන්න බැරි විශේෂ හේතුවක් තියෙනවද මන්දා... මොකද එම අමාත්‍යාංශයේ එකම වරප්‍රසාද නේ තියෙන්නේ...? සෞඛ්‍ය ගැන දන්න කෙනා ඒකේ ලේකම් කළා නම් වැඩේ ඉවරයි නේද?

:       0       0

Dharmatileke Wednesday, 18 November 2020 12:10 PM

දොස්තර කෙනෙකුට මේ තත්වය ලබාදුන් පුද්ගලයා කවුද?

:       0       0

Rata Perata Wednesday, 18 November 2020 12:31 PM

පරක්කු වෙලා හරි යුද මානසිකත්වයෙන් ඔක්කොම කරන්න බැහැ කියලා තේරුම් ගත්ත එක මිනිස්සුන්ගේ වාසනාවක්... නැතිනම් තව 500ක් වත් මැරෙනකම් පිස්සු කරනවා..

:       0       0

ලලිත් පන්නිල Wednesday, 18 November 2020 12:32 PM

හොඳයි, සුදුසු අයට සුදුසු තැන දෙන්න. එහෙම වූවා නම් 02 පොකුර මේච්චර උඩුදුවන්නේ නෑ...!

:       0       0

mahinda Wednesday, 18 November 2020 12:40 PM

මව්බිමේ 30 වසරක යුද්ධය දිනූ සැබෑ විරුවා හලා නිකමුන්, අයිතිකාරයින් වුණාසේම කොවිඩ් මර්දනයේ අභීත සෙබලා වූ වෛද්‍ය අනිල් ජාසිංහයන් බව සැබෑ වී හමාරයි. මතු දිනක ෆීල්ඩ් මාෂල් තුමන්ද මෙලෙස මේ රටේ දෑ හිතකාමී ජනතාව යලි අභිෂේක කරනු ඇත.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 18 November 2020 12:51 PM

සතුටට කරුණක්... කරුණාකර දේශපාලන වහල් සිතුවිලි වලින් මිදී මෙතුමා ඇතුළු දේශපාලන භේදයකින් තොරව වෛද්‍ය ක්ෂේත්‍රයේ සැබෑ විද්වතුන් කඳවා මේ වසංගතය දුරුකරලීමට එතුමන්ලගේ නුවණින් වැඩ ගැනීමට ඉඩප්‍රස්ථා ලබා දෙන්න. එයින් රජය කෙරෙහි මහජන ප්‍රසාදය ඇතිවේ. මේ වැනි දරුණු වසංගතයක් පාලනය කිරීමට නීතිය හදාරපු අය හෝ හමුදාවල අයගේ හෝ උපදෙස් නොව අවශ්‍ය වනුයේ, වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක අදහස්ය. නීතිය දත් අයට අදාළ අංශ ගැනත්, හමුදා අංශවලට ඔවුන්ට සරිලන දේටද යොමුකොට මේ රෝගය මර්ධනය පිළිබඳ කටයුතු දේශපාලනයට ගැතිකම් නොකරන සැබෑ වෛද්‍ය විද්වතුන්ට ලබා දෙන්න. නීතිමය අංශවල අයට නීති කටයුතු පවරන්න. හමුදා අංශවලට ඒ හා සම්බන්ධ දේ පවරන්න. නීති හා හමුදා අංශ කරනා වෙදකම්වල අනිසි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවනුයේ අහිංසක මිනිස් ජීවිත වලටය. දැන් හෝ සත්‍ය වටහා ගන්න. ස්තූතියි.

:       0       0

Hesa Wednesday, 18 November 2020 01:05 PM

විශිෂ්ටයි...!

:       0       0

Demuni Uduwara Wednesday, 18 November 2020 01:32 PM

එහෙනම් තනියම වැඩකරන්න කියලා එයාට අපි කියමු.

:       0       0

ලලිත් අම්බලන්ගොඩගේ Wednesday, 18 November 2020 01:37 PM

අනේ හොඳයි. නැවත පාසල් ආරම්භ කිරීමට පෙර අම්බලන්ගොඩ ධම්මකුසල විදුහල වසා දැමීමට එරෙහිව ගරු අභියාචනාධිකරණය විභාග කල WRIT 10/12 පෙත්සමට අදාලව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගොනුකල අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ව්‍යුහ කටුයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහයේ සඳහන් උපදෙස් කෙරෙහි අවධානය යොමු කරන්න. වයස අවුරුදු 6 - 9 දරුවෙක් පදිංචි නිවසේ සිට කිලෝ මීටර් 2 ක් ඇතුළතත්, වයස අවුරුදු 10 -16 දරුවෙක් කිලෝමීටර් 4 ක් සහ ජ්‍යෙෂ්ඨ ද්වීතියික අධ්‍යාපනය ලබන දරුවෙකුට පදිංචි නිවසේ සිට කිලෝ මීටර් 8 ක් ඇතුළත අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබිය යුතු බව එහි සඳහන් කර තිබේ. ඒවා සකස් කර ඇත්තේ කැසිනෝ කාරයෝ නොවෙයි. අධ්‍යාපනය පිළිබද විශිෂ්ඨ දැනුමක් සහ අවබෝධ්‍යක් ඇති මේ රටේ ඉතා උසස් අධ්‍යාපන විශේෂඥයින් පිරිසක්. ඒ නිසා එම ලේඛනයෙහි සඳහන් කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමට හොඳම කාලය පැමිණ ඇත. කරුණාකර නැවත පාසල් ආරම්භ කිරීමට පෙර ඒ පිළිබද කරුණු ගවේෂණය කරන්නේ නම් හොඳයි.

:       0       0

රිතික් Wednesday, 18 November 2020 04:05 PM

බලේ බලේ ජාසිහ දෙවියන්ගෙ බලේ... සේවෙට කැඳවූවයි යලි සෞක්‍යයේ ...

:       0       0

wije Wednesday, 18 November 2020 04:26 PM

ඇති යාන්තම් ආණ්ඩුවට දැන්වත් මොලේ පෑදුණු එක ලොකු දෙයක්...

:       0       0

chandima Wednesday, 18 November 2020 06:32 PM

ඒක හොඳ දෙයක්.. ඔන්න කට්ටියම කට ඇරගෙන බලාගෙන ඉන්න තව ඉස්සරහට මගේ වැඩ බලන්න කියලා... මාධ්‍ය සංදර්ශනවලින් කියන නැට්ටුවට වඩා ඇස් පනා පිට නටලා වැඩ පෙන්නපු නැට්ටුවා හොඳයි. මොකද හෙට පෙන්නනවා කියන කෙනා පස්සේ පොළව ඇදයි කිව්වොත් විනාශයි.

:       0       0

Isuru Thursday, 19 November 2020 12:34 AM

දැන් පරක්කු වැඩියි.

:       0       0

චමින්ද Thursday, 19 November 2020 01:34 AM

රටේම ජනතා ප්‍රසාදය දිනූ මෙතුමාට උසස්වීමක් ලෙසට ලේකම් තනතුරක් දුන්නා නම් එතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුර දෙන්න බැරි ඇයි? මෙතුමාට මෙන්ම පබා මැතිණිය ගැනත් ජනතා ප්‍රසාදයක් තියෙන බව පේනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අද කාලගුණය
2025 මැයි මස 01 6 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමු වෙති
2025 මැයි මස 01 129 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.


රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි
2025 මැයි මස 01 839 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි


හිටපු ජනපතීන්ගේ තව තටු කැපේ
2025 මැයි මස 01 699 0

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.


ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 1654 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 923 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 276 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1105 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site