
(දයාරත්න ඇඹෝගම, මනුල වික්‍රම සහ උපුල් තම්මිට)
බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකි විම නිසා අනුරාධපුරයේ සංචාරක හෝටල් පහක් මේවන විටත් බැංකුවට සින්නවි ඇතැයි අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ ගුණසේකර මහතා පැවසිය.
අනුරාධපුර නගරයේ පිහිටි වාසල සංචාරක හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදි ගුණසේකර මහතා මේ බව පැවසිය.
අනුරාධපුරයේ සංචාරක හිමියන් ගැටළු රැසකට මුහුණපා සිටිනවා.හෝටල් නඩත්තු කරන්න බැහැ. ලබාගත් බැංකු ණය ගෙවා ගන්න බැහැ. දැන්ටමත් හෝටල් පහක් බැංකුවලට සින්නවි තිබෙනවා. ඒ වගේම පුහුණු සේවකයන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වි මාලදිවයින වැනි රටවල්වල හෝටල්වලට සේවයට යනවා.
සංචාරක කර්මාන්තයට කිසිදු සහනයක් නැහැ. හෝටලයේ නාම පුවරුව ප්‍රදර්ශණය කරනවාට පමණක් නගර සභාවට රුපියල් පනස් දහසක මුදලකුත් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් පනස් දහසකුත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.නොගෙව්වොත් නඩු දානවා.අද මේ වගේ තත්වයක් තමයි අනුරාධපුරයේ තිබෙන්නේ.සමස්ථ ලංකාවේම තත්වය මේක වෙන්න ඇති කියලා අපි හිතනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කන පවුලෙන් අපේ රට බේරාගන්න සැවොම එක්වෙමු. නැතිනම් අපිට කියා රටක් ඉතුරු වෙන්නේ නැහැ.
හැමතැනම ඔහොම තමයි. බැංකු විතරක් නෙමෙයි, විදුලියත් කපනවා. ආණ්ඩුව කියනවා නම් සංචාරක ව්‍යාපාරයට කියලා අපිට ලැබුණු සහනයක් නම් නෑ.. බොරු තමයි කරන්නේ...
මේවා පුදුම කතා නේද? ඔහෙලා කියන විදිහට ණය ගෙවාගන්න බැරුව සින්නවෙන දේපල රජයෙන් බේරාදෙන්නේ මොන රටේද? ඇමරිකාව, කැනඩාව වගේ දියුණු, පොහොසත් රටවල කරනවද? ණය ගිවිසුමකට අත්සන් කරනකොටම දැනගන්න ඕනේ ණය ගෙවාගන්න බැරි වුනොත් වෙන සන්තෑසිය. බැංකුව ඔය හෝටල් අත්පත් කරගෙන මොනවා කරන්නද? දැන් කොරෝනාවලට යටත්ව සංචාරකයින් එන්න පටන්ගෙන... ක්‍රමයෙන් සංචාරකයෝ එන්න පටන්ගෙන... එ් නිසා බැංකුව තව ටිකකාලයක් ඉඩදෙන්න ඕනේ ණය ගෙවන්න...
අනිවාර්යයෙන්ම රටේ සියලුම පළාත්වල තත්වය මේක.