(යොහාන් භාසුර)
අනුරාධපුර - වව්නියාව දුම්රිය කොට්ඨාසයේ අලුත්වැඩියාවක් සඳහා ලබන ජනවාරි මස 5 වැනිදා සිට මාස පහක කාලයක් සඳහා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එදින සිට මාස පහක කාලයේ කොළඹ කොටුව සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා පමණක් එම මාර්ගයේ දුම්රිය ධාවනය කරන බවත් අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මගීන්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යොදවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කන්කසන්තුරය - මුරුක්කණ්ඩි දක්වා ධාවනය කරන ‘යාල්රාණි’ දුම්රිය එම මාස පහක කාලය තුළ වව්නියාව දක්වා ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමියෙන් විනාශවුන රේල් පාර හදන්නත් කාලය ගතවුනේ දින 53. යි. මේවා අහද්දී කනගාටුයි..