IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අනුරාධපුර නගරය යටවෙයි

(බී.ජි. චතුරංග)

අනුරාධපුරයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් අද (21) දහවල් කාලය වන විට, අනුරාධපුර සංචාරක පොලිසිය අනුරාධපුර පුරාවිද්‍යා අධ්‍යක්ෂ කාර්යාලය පරිශ්‍රය ,  අනුරාධපුර හෝටල් පාසල සහ පූජා නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

ජය ශ්‍රී මහා බෝධි මාවතේ පිහිටා ඇති සංචාරක පොලිසිය , පුරාවිද්‍යා කාර්යාලය, හෝටල් පාසල, මල් අතු ඔයේ  ජල මට්ටම වැඩි වීම එය පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස ජලයෙන් යට වී තිබුණි.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ලැබෙන වර්ෂාව හේතුවෙන් කලා වැව, නාච්චාදූව , නුවර වැව ඇතුළු ප්‍රධාන වැව්වල සහ කුඩා වැව් රැසක වාන් ජලය, මල් අතු ඔයට එකතු වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

මල් අතු ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බවත් , එහි ජලය අනුරාධපුර පැරණි පූජා නගරය , තන්තිරිමලය හරහා  මන්නාරම දක්වා ගලා බැසීම  හේතුවෙන්  මල්වතු ඔය දෙපස අවට පහත් බිම්වල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක  සඳහන්වේ.  



අදහස් (2)

අනුරාධපුර නගරය යටවෙයි

සුරෙන් Tuesday, 21 January 2025 11:34 PM

මේ අය බලයට ආපු දවසේ ඉදන් ගංවතුර නස් පැත්ති අඩුවක් නැහැ. බොරුද මම කියන්නේ.

:       14       72

Kamal Wednesday, 22 January 2025 09:51 AM

සුරේන්, එහෙම වෙන්න ඕනෙනේ ඉතින්. අතාරින පචවල තරමට බැමි පුපුරනවා, වැහි වහිනවා, අකුණු ගහනවා. අම්මපා! පොඩ්ඩක් හිතලා බලන්න

:       6       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 56 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site