(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
තමන් නීතියට පටහැනිව අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10 ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පසුගිය අප්‍රේල් 1 වැනිදා රාත්‍රියේදී ඇතාගල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් පැමිණ තමා අත් අඩංගුවට ගත් බවත් ඉන් පසුව රහස් පොලිස් බාරයේ රැඳවුම් නියෝග යටතේ තබා ගත් බවත් පෙත්සම්කරු කියා සිටී.
මෙම තත්ත්වය තුළ තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද රුපියල් කෝටි 10 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනුරුද්ධ බණ්ඩාරගේ පෙත්සම විභාගයට ගන්න අවසර
sharm warn Wednesday, 01 February 2023 01:00 PM
ඔවු අනිවාර්යයෙන්ම වන්දි ඉල්ලන්න