
(සිසිර කැලේගම)
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී ඊයේ (2) පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර කුමාර මහතාගේ ජායාරූප ගැනීමට යාමේදී එහි සිටි පිරිසකගේ ප්‍රහාරයකට ලක්වී ඇතැයි වාර්තාවේ.
එහිදී බුද්ධි අංශයේ නිලධාරීයා ජායාරූප ගැනීම පසෙක තබා දිව ගොස් පාරේ නවතා තිබු ජීප් රථයකට නැගී බේරී පැන ගොස් ඇතැයි දැනගන්නට ඇත.
ජනරැලිය ඇමැතීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එදින සවස 6.00ත් - 06.30 ත් අතර කාලයේදී පැමිණ ඇත.
දිසානායක මහතා ගමන් ගත් රථය මාවතේ නතර නොකර ක්‍රීඩා පිටියේ වේදිකාව අසලටම ගමන් ගැනීමේදී පිවිසුම් දොරටුව අසල සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියා ජායාරූප ගැනීමට යාමේදී මතුවූ සැකය මත නායකයාගේ ආරක්ෂාවට පැමිණ පිරිස් ප්‍රශ්න කිරීමත් සමඟම අවට සිටි පිරිස් ඔහුට පහර දුන් බවත් එහිදී තමා කවුද යන්න පවා නොපවසා දිව ගොස් පොලිස් ජීප් රථයකට ගොඩවී පොලිස් නිලධාරීන්ගේ රැකවරණය මැද පලා ගිය බවත් උත්සවයට සහභාගිවූ පිරිසක් පැවැසූහ.
සිද්ධිය පිළිබඳව වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කේ. ජයලත් මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී "මෙතැනදී යම් සිදුවීමක් වෙලා තිබෙනවා. ඒත් මම කොළඹට ඇවිත් ඉන්න නිසා ඒ සම්බන්ධව කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගෙන් අහන්න. ඔහු සිද්ධිය හොදාකාරවම දන්නවා" යැයි පැවැසීය.
කුරුණෑගල මුලස්ථාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බැහැර මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීය.
"සිවිල් ඇදුමෙන් ජායාරූප ගන්නේ කවුද යන්න නොදැන අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂක අංශයට මතුවූ සැකය මත ප්‍රශ්න කිරීමක් කරලා තිබෙනවා. එතැනදී අපි ඉදිරිපත් වෙලා ඔහු පොලිස් නිලධාරියකු බව පවසා මතුවූ සැකය ඉවත් කර දුන්නා."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කනෝ... පිනුම්....කිව්වලු......
බුද්ධි අංශ නිළදාරීන් හැමකෙනාගෙම රැස්වීම් ආවරණය කරනවා. එහෙම නොකලොත් මොකක් හරි සිද්දියක් උනාම පොලීසියටම ඇඟිල්ල දික් කරනවා. අනුරම නේද යන යන තැන කියන්නේ එයාට බුද්ධි අංශ වාර්ථා ලැබෙනවා, ඒවායෙන් කියන්නේ එයා දිනනවා කියලා. ඉතින් ඇයි එහෙනම් ඒ වාර්ථා හදන බුද්ධි අංශ නිළදාරීන්ටම එයා ගහන්නේ? මේක එන්න කියලා ගැසීමක්.
මුන් බලයට ආවොත් මොනවා කරාවිද මේ වගේ සුළු දේකට මිනිස්සුන්ට ගහන්න යනවා නම්
පොටා් එකක් ගන්න ගිය ටිකට ජේවීපී මැර කල්ලි දැනටමත් ඔහොම නම් ඉදිරියට මුන්ගේ මැර කම්වලින්ම තමයි රටේ ජනතාවට උත්තර දෙන්නෙත්.
ඔහොම හොරා පින්තුර ගන්නේ ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරන්න ද ? බාම් බන්දු ගෙන් මේ ගැන ප්‍රශ්න කළ යුතුයි
බලය ලැබුනොත් කොහොම හිටීවිද? ජේවීපී එකේ නිටයම පාට පේන්න බලය ලැබෙන්න වුවමනායි
ටෙස්ලා හදන එලොන් මස්ක්ලා රටට එන එකට විරුද්ද් ජෙවිපි කට්ටියට අවශ්‍ය කැලෑ නීතිය. අපි කැම්පස් වල ඉද්දි මතකයි පොඩි දෙයටත් ගහන එක තමයි එයාල දන්නෙ.
ඕක තමයි අපේ ලාල්කාන්ත සහෝදරයා කිව්වෙ නීතිය ගමට ගෙනියනව කියල. ඡන්දෙ දිනන්නත් කලින් වැඩ පටන් අරගෙන. තව බලාගත්තැකි වැරදිලාවත් දින්නොත්...කැලෑ නීතිය රජවෙන හැටි.
ජෙවිපි කියන කැලේ මාලිමාව කියන කැලේට මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙලා නැහැ.
මෙතන ආරක්ෂාව වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග පෙනෙන අයට එයාලාගේ හාමුලා දෙන්නෙක් ගුටි කෙළගත්තා එක මොන නීතියද දන්නේ නෑ
ජෙප්පන්ට හම්බ වෙච්ච හින්දා ඒකා පන බේරගෙන දිව්වා. හැබැයි පොහොට්ටුවොන්ටයි ස ජ බෙ ටයි අහුවුනා නම් බඩුම තමයි
වැරදි වැඩක්නේ කරල තියෙන්නෙ හොරෙන් පින්තුර ගන්න යන එක
අපිටත් මතකයි මේ අය කැම්පස් වල කරපු දේවල්.සාමාන්‍ය මිනිස්සු ඒවා ගැන දන්නේ නැහැ .ඒකයි රැවටිලා ඉන්නේ.
රනිල බය වෙලා තියෙන තරම.. අවදානයෙන් හිටපු නිසා හොඳයි.. මොකාටද දන්නෙ නෑ එන්නෙ.. ආරක්ශාව තව තර කරගන්ඩ වෙයි ඉදිරියට..
හොඳටම විනය තියෙන අය හොඳටම කරලා. මෙයාලගේ අනිත් වැඩත් මෙහෙම තමයි කයිවාරුව විතරයි. මෙයාලගේ පස්සේ යන මැටි මෝල්ලු දැන්වත් මේක තේරුම් ගන්න ඕනේ.
පාස්කු ප්‍රහරයටත් නම ගැවිල වීලා තියන කට්ටිය , වහාම හොයල බලන්න ඕනේ මොකටද හොරා එන්නේ කියල
එයාලට තාම පුරුදු මේ දේවල් තමයි. දැන් සියල්ලන් අනුර ජනාධිපති කියන උන්මාදයෙන් පෙළෙනවා.ඡන්දයෙන් පසුව ඔවුන් සුවපත් වේවි.
රටේ පවතින බලු දේශපාලු ක්‍රමය නිසා මේ වගේ ආරක්ෂාවක් මාලිමාවට තිබිය යුතුයි.ආණ්ඩුව බලාගෙන ඉන්නේ මරලා හරි කමක් නෑ බලය ලබාගන්න.ආරක්ෂක හේතු මත මේ පහරදීම ඉතාමත්ම සාධාරණයි.
තව නාඩගන් ඉදිරියේ බලාගන්න පුළුවන් . පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .
එතකොට සිවිල් ඇදුමෙන් ඉන්න අයට අනුර දිසානායකගේ පොටෝ ගන්න බැරිද
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . තවද පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .
පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .
දෙන්න තිබ්බේ සඳ ගුටි මාසෙකට විතර නැගිටගන්න බැරි වෙන්න. රටේ වෙන ප්‍රශ්න නෑ වගේ එනවා පොටෝ ගහන්න. කොහොමත් අනුව මරන්න බලාගෙනයි ඉන්නේ හොරා කාපු දේශපාලන පක්ෂවලින් ඉතින් සැක හිතිච්ච එක සාධාරණයි.
ප්‍රසිද්ධ රැස්වීම් වලදි අනුරගේ ෆොටෝ ගහන අය ඕන තරම් ඉන්නවා. ඒ කිසිම තැනක ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. අනික රහස් පොලිසියට මොකටද අනුරගේ ෆොටෝ හො වීඩියෝ හෝ , මොකද අනුර කියන්නේ රටේ මිනිස්සු දැකලා නැති හො දන්නේ නැති චරිතයක් නොවෙයිනේ. ඒ නිසා මේක සෙටප් එකක් කියලා පැහැදිලියි. දැන් පක්ෂය අනුරගේ ආරක්ෂාව පිළිබදවද වැඩිපුර සැලකිල්ලක් දක්වනවා, ඒක ප්‍රයෝජනයට අරගෙන කාව හරි යොදවන්න ඇති සැක කටයුතු ආකාරයට අනුරගේ ෆොටෝ ගන්න. ඒක ගැන ප්‍රශ්න කරන්න යනකොට තව කට්ටියක් යොදලා තියෙන්න ඇති ඔහුට පහර දෙන්න .ඒ නිසා මේ සැළසුම් කරලා කෙරුව එකක් බව පැහැදිලියි. ඒක තහවුරු වෙනවා දාල තියෙන කොමෙන්ට් දැක්කම. ඒවා බොහොමයක් සැළසුම් සහගතව කරන බවක් පෙනෙනවා.මේක කුරුණෑගල සිදුවු නිසා මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්න කොටි කාන්තාවක් කොළඹට ප්‍රවාහන කරන්න කොටින් සමග කුමන්ත්‍රණ කෙරුව එකා මේ සියල්ලටම හවුල් ඇති.
මුන් තාම ඉන්නේ ආරක්ෂකක අංශ ගැන සැකයෙන්. කොච්චර වෙනස් රූපයක් පෙන්වන්න හැදුවත් තාම මෙයාලා ඉන්නෙ පරණ ෆැසිස්ට්වාදී ලෝකෙ. බුද්ධි අංශවල රාජකාරි කරන්නෙ සිවිල් ඇඳුමෙන් බව ජෙප්පො දන්නෙ නැද්ද?
BITTER TRUTH කියන කෙනා ජේවීපී උමතුවෙන් පිස්සු වැටුනු කෙනෙක් වගේ.
Police ලොක්කත් නාගන්නව පොඩ්ඩොත් නාගන්නව.ගොන්පාට්
යකෝ අනුර දැකල නැද්ද අමුතුවෙන් ෆොටෝ ගහන්න දෙයක් නෙහනේ බයියන්ට වලුඋවේ ඉදුල් ලැබිලා බුරන සෙට් එකඟ පට්ට්ත්රේ පිරිලා
ලාල් කාන්ත නීතිය ගමට ගෙනිහින් බලය ලැබෙන්නත් කලින්