IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අ‍නාරක්ෂිත විදුලි රැහැනේ පැටලුනු අලියා කොටස් කර ළිඳකට දමලා

(සිතුම් චතුරංග)

වවුනියාව ඕමන්ත කොම්බුවෙෙතියකුලම් හත්වන සිංහරෙජිමේන්තු කඳවුර තුල අ‍නාරක්ෂිත ඇඳ තිබූ විදුලි රැහැන්වල පැටලී අලියකු මියගොස් ඇති අතර එම අලියා කොටස්වලට කපා ළිඳකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අ‍ාරම්භ කොට අ‍ැති බව වවුනියාව වනජීවි කාර්යාලය පවසයි.

කඳවුර තුලට පසුගිය 01 වැනිදා රාත්‍රියෙ පැමිණ අ‍ැති වන අලියා වන සතුන්ට අ‍ැඳතිබූ අනාරක්ෂිත  විදුලි රැහැනක පැටලී මියගොස් අ‍ැති බව වනජීවි කාර්යාලය පැවසීය. 

වන අලියාගෙ මරණය පිළිබඳ වෙනත් පාර්ශ්වයන් දැනගැනීම වැළැක්වීම සඳහා කඳවුරේ ඉහළ නිලධාරීන් සෙබලුන් යොදවා අලියාගෙ ශරිරය කොටස්වලට කපා අසල තිබූ ළිඳකට දමා පස් යොදා අ‍ැති අතර අනෙක් කොටස් පුළුස්සා දමා අ‍ැතැයිද විමර්ශන සිදුකරන වවුනියාව වනජීවි නිලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි කාර්යාලය වෙත ලැබුණ තොරතුරු මත වවුනියාව වන ජීවි නිලධාරීන් සහ උතුරු පළාත් වනජීවී පශුවෙෙද්‍ය බි. ගිරිදරන් මහතා අ‍ැතුලු කණ්ඩායමක් අලියාගේ ශරීර කොටස් පැවති ස්ථාන සම්බන්ධයෙන් පරීක්‍ෂණ අ‍ාරම්භකළ බවත් වවුනියාව වනජීවි කාර්යාලය පැවසීය.

අ‍නාරක්ෂිත විදුලිය යොදා මියගිය අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබුණි.

සිද්ධියට අදාලව යුද හමුදා සෙබලුන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන අ‍ැති අතර මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවටගෙන වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වවුනියාව වනජීවි කාර්යාලය වැඩිදුරටත් පැවසීය. 



අදහස් (1)

අ‍නාරක්ෂිත විදුලි රැහැනේ පැටලුනු අලියා කොටස් කර ළිඳකට දමලා

Lalla Friday, 03 January 2025 08:56 PM

හමුදාවට වඩා අලි බලවත්...!!! ඉස්සර තිස්සමහාරාම පැත්තේ කතාවක් තිබුණු මිනීමැරුවත් කමක් නෑ... මුවන් මරලා අහුවෙන්න එපා කියලා...

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site