(ඩයනා උදයංගනී)
රටේ ඇතිවෙමින් පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් රට මුදාගැනීමේ වගකීම රජය ඉටු කළ යුතු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සාමකාමීව කටයුතු කරන ලෙස හා කුමන්ත්රණකාරී ක්‍රියාවන්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විපක්ෂනායකවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන්ය.
කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාර මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කර රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්‍රතිවිපාක විදින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය. මෙවන් තත්වයකට රට යළි ඇද දැමීම පිළිබඳ වත්මන් රජයට දැඩි ලෙස විරෝධය පළ කරන්නෙමු.
රටේ ඇති වෙමින් පවතින අනාරක්ෂිත තත්වයෙන් රට මුදා මුදාගැනීමේ වගකීම රජය වහාම ඉටු කළ යුතු බවද අවධාරණය කරමින් ශෝකයට පත් කිතුනු පවුල් වලටත්, සමස්ත කිතුනු ජනතාවටත්, කම්පනයට පත්ව සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවටත් ශෝකය පළකිරීමට මෙය අවස්ථාවක් කරගනිමින්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ ශෝකය බෙදා ගන්නෙමු.
මේ කනගාටුදායක අවස්ථාවේ ඉතාම සාමකාමීව කටයුතු කරන ලෙසත්, කුමන්ත්රණකාරීන්ගේ ක්‍රියාවන්වලට හසු නොවන ලෙසත් සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමට මෙය අවස්ථාවක් කර ගනිමු.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රකාශ නවත්තලා මේ වෙලාවේ හැමෝම එකට මේක කරපු අයව කොටු කරන්න සහය දෙන්න.
බොරදියේ මාළු බාන්න එපා මැතිඳුනි. මේ ඛේදජනක අවස්ථාවේ එකමුතුව වැඩ කරමු.
අනේ නිකන් මහදැනමුත්තා නොවී ඉන්න...
කතාව ඇත්ත. නමුත් බොර දියේ මාළු නොබා සහයෝගයෙන් වැඩ කරන්න නුවන් පහල වේවායි පතනවා.
පවත්නා රජයේ විතරක් නොවේ ඔබටත් ලොකු වගකීමක් තියෙනවා මේ අවස්ථාවේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත්වීමට.
කියන්න හිටිය දේ ඔබ තුමා පැවසුවා... මිය ගිය සැමට නිවන්සුව ..!!
බළලා මල්ලෙන් එලියට පැන්න වගේ.
ඇත්ත. බුද්ධි අංශ අඩපණ කර රටේ ආරක්ෂාව ගැන තැකීමක් නොකිරීම මෙම ජිවිත විනාශයට හේතුවක් වුනා.
මේකෙන් දේශපාලන වාසි නොගන්නවානම් හොදයි මහත්තයෝ. ඔය කියන අඩපන වීමක් දකින්න නැහැ. නීතිය කාටත් පොදු වෙන්න ඕනේ ඒක අරය මෙයා වෙන්න බැහැ
සහතික ඇත්ත
අනාරක්ෂිත බැවින් රට මුදාගන්න මේ අයට බැහැ. ත්‍රස්තයින්ට ඕනා විදිහට රට හැදුවා. ත්රස්තවාදයට විරුද්දව තිබු අණ පනත් නැතිකළා. ඔබතුමා මේවයේ විපාක කියා වැඩි දවසක් ගියේ නැහැ නේද? මේ අයට අනාගතය දැකීමේ හැකියාවක් නොමැත. අපි වෙන්න යන දේ කීවාම අපිව ජාතිවාදීන් ලෙස හංවඩු ගැහැව්වා. දැන් සනීපද?
මේ අවස්ථාවේ සිදුවී ඇති ත්‍රස්තවාදී ප්‍රහාර ඔබ වැනි මුහුකුරා ගිය දැනුමක් ඇති නායකයෙකු දේශපාලන සඳහා යොදා ගැනීම විශ්වාස කල නොහැකි දෙයක්. ඔබතුමාගේ කාලයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළඳා මාලිගාව, කොළඹ මහා බැංකුව ඇතුළුව දිවයින පුරා මේවගේ බෝම්බ පුපුරා ගියේ ඔබ කියන ආකාරයට එදාත් බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්රතිවිපාකයක් වශයෙන්ද? මේ අවස්ථාවේදී අප සියලු දෙනාම කලයුත්තේ මනුෂ්‍යත්වයට නිගාදෙන මෙවන් ම්ලේච්ච ක්‍රියා හෙළාදකින අතරේ ජාති ආගම් කුලමල, පක්ෂ පාට බේද ඉවතලා ශ්‍රීලාංකිකයින් වශයෙන් එකම ජාතියක් ලෙස මේ විපතට මුහුණ දීමයි. මේ විපත්තියෙන් දේශපාලන වාසි ලබා ගැනීම නොවේ.
මෙතුමාට අමතක වීමේ රෝගය තදින්ම වැළඳි ඇත.
බොර දියේ මලු බාන්න යනවා.
ගොඩක් අයට මුල අමතක වෙලා. මෙතුමා යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්නා විතරක් නෙමෙයි රටේ ආරක්ෂාව උපරිමයෙන් තියාගත්තා. යුද්ධය අවසන් අදියරේදී රටේ අනිකුත් පලාත් වල කිසිම සිදුවීමක් සිදු වෙන්න ඉඩ නොදී ශක්තිමත් බුද්ධි ජාලයක් ක්‍රියාත්මක කලා. පහුගිය අවුරුදු 4 ඇතුළත මේ නායකයෝ මොනවද කලේ. රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තියෙනවා කියලා පම්පෝරි ගැහුවේ බුද්ධි නිළධාරීන් හිරේ දාන ගමන්. ඒවා මතක් කරද්දී කට්ටියට ඇහේ කටු අනිනවා වගේ
මහින්දලා ට බැන බැන ඉන්න අතර රටත් පාලනය කරා නම් මෙවැනි විනාශ සිදු නොවෙන්න තිබුනා.
මෙවැනි ප්‍රහාර ගෝඨාභය මහතාගේ රට වන ඇමරිකාවේ පවා මෑතක පටන්සිදුවන බව බමුණු මහතාට අමතකවි ඇත. මෙයින් පැරණි වහල් පාලනය නිවැරදි බව ගම්‍ය නොවේ.
කාගේ රැවුල ගිනි අරගෙන තිබුණත් .... මෙයා දඟලන්නේ එයාගේ සුරුට්ටුව පත්තු කරගන්න ...
මේවට ඉහළ ඇත්තන් වග කිවයුතුයි.
මේ අවස්ථාවේ ඔබතුමාගේ නිවේදන නෙවේ වැදගත් වෙන්නේ. ජනතාව අවුස්සලා ජාතිවාදය ඇතිනොකර සහයෝගයෙන් වැඩකරන එකයි . ඔබලාගේ බෙදීම නිසා මේ රටට වුන සෙතක් නැහැ.
දේශපාලන වාසි ගන්න හදන අමනයෙක් වෙන්න හදන්න එපා මේ වෙලාවේ.
තිස් අවුරුදු කුරිරු යුද්දෙන් අපිව මුදාගත් මේ අසහාය නායකයට ජනතාවක් ලෙස අපි කරපු දෙය නැවත අපිටම ශාපයක් ලෙස නැවත පඩිසන් දුන්නා කියලා හිතෙනවා
දැන් එජාපයෝ බොරදියේ මාළු ගැන කතාව කියන්නේ ලැජ්ජාවට. දිය බොරකලේ කවූද කියලාවත් හිතාගන්න බැරි ටිකක් මේ.
මේ වගේ සිද්ධි වලට ආණ්ඩුව වගේම විපක්ෂයත් වගකියන්න ඕනි. බොරදියේ මාලු බාන්න එපා
විපක්ෂය මොන බම්බුවකට වග කියන්නද? රටේ ආරක්ෂාව අඩපණයි කියා විපක්ෂය කිව්වා. ආණ්ඩුවේ පිළිතුර වූයේ නැවත රටේ ත්රස්තවාදයක් ඇතිනොවන බවයි. නමුත් පුරවැසියෝ හැටියට අපි දැනගෙන සිටියා බඩු හම්බවෙනබව. මොවුන්ව පලවා නොහැරියොත් ඊළඟ ඉලක්කය සිංහල බෞද්ධයා. ඥානසාර හාමුදුරුවනේ දැන් සනීපද කියලා අහන්න...
අතීතය අනුස්මරණය කරනවාද?