(සුජිත් හේවාජුලිගේ )
ඇමරිකා එක්සත් ජනපද සී.අයි.ඒ නියෝජිතයෙකු වන ඉමාද් සුබේරි නමැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් නිසි අනුමැතියකින් තොරව 2014 වර්ෂයේ දී ගෙවා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය
රජයේ ලිඛිත නිල උපදෙස් සහ බලධාරීන්ගේ අනුමැතිය මත එම ගෙවීම් සිදුකර ඇති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් එම තැනැත්තාට සහ අදාල සමාගම්වලට ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු පටිපාටිමය හෝ වෙනත් නීති රීති උල්ලංඝනයක්
කර නැති බවත් මහ බැංකු හිටපු අධිපති වරයා කීවේය.
මේ ගෙවීම් තනි පුද්ගලයකුගේ අභිමතය අනුව කළ දෙයක් නොවන බවත් ඇමරිකා එක්සත් ජනපදයේ කරන ලද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද මෙයට ඇතුළත් වන බවත් ඔහු කීවේය.
දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් තමාගේ කීර්තිනාමය හානි කිරීමේ අරමුණෙන් මෙම අසත්‍ය ප්‍රචාර ගෙන යන බව පවසන කබ්රාල් මහතා මේ නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව අසත්‍ය නම් ඔප්පු කර ඔහුට දඬුවම් කරන්න. නැවත මෙවැනි වැරැදි නොකරන්න. කතාව සත්‍ය නම් මෙතුමාට දඬුවම් ලැබිය යුතුයි.
රජයේ ගෙවීමක් කරනවිට බලය දීම අනුමත කිරීම සහතික කිරීම හා ගෙවීම කියලා අවස්ථාවන් හතරක් තිබෙන බව සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. ඒ නිසා ඕවා කියලා ඔවුන් රවටන්න පුළුවන් වුණත් ගෙවීම් ලේඛන විනාශ කරන්න බැහැ. ඔබ මෑතකදී අධිපති වෙලා ඒවා විනාශ කළානම් අනුර කියපුදේ සත්‍ය වෙනවා. ලේඛන නොමැති නිසා ජයක් ලැබෙන්න හැකියාව තිබුණත් ලේඛන විනාශ කිරීම යටතේ වැරදි කරුවෙක් වෙනවා. කොහොමත් සාධාරණ විමර්ශනයකින් ඇත්ත පෙනේවි...
හොරෙක් කිව්වලු මම ජීවිතේ කවදාවත්ම හොරකම් කරලා නෑ කියලා... වදුරෙක් කිව්වලු මම කවදාවත් ගහකට නැගලා නෑ කියලා...
මම කිසිම වරදක් කරලා නැහැ. එවකට සිටි මුදල් ඇමැති කරලත් නෑ. ජනපති කරලත් නැහැ. ඩොලර් මිලියන 6.50 සබ්‍රියට ලැබුණේ කොහොමද කියලා අනුරාධපුරයේ සාස්තර කියන කාන්තාව ගැන අහලා බලමු.
හොරකම් කරන්න හොඳයි... කියනකොට කැමැති නෑ. රටම බංකොලොත් කරලා මොන කීර්තිනාමද?
ඇමරිකාවේ විවිධ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා පුද්ගලයෙකුට හා අදාළ සමාගම් වෙත ඩොලර් මිලියන 6.5ක් ගෙව්වා. ඉතින් මොකද?
අරාබි රටක සිටියා නම් ගල්ගහලා ඝාතන දඬුවම දෙනවා. ඇමෙරිකාවේ හිටියා නම් අවුරුදු 200 ක් පමණ හිර දඬුවම් නියමවෙලා. ඉන්දියාවේ, පාකිස්තානයේ කළා නම් මිනිස්සු ගෙට පැනලා ගේත් කුඩු කරලා.. අපිව නැත්තටම නැති කළා. අපි මෙතරම් නිවටද?
ඒ සර්ට කීර්ති නාමයක් ඉතිරිව තියනවාද? මොනවා සම්බන්ධවද?
ඔය ඔක්කොම හොරු මල්ලි...!
ඔව් අහලා තමයි ගෙවන්න ඇත්තේ, ඒත් හොරෙකුටනේ ගෙවලා තියෙන්නේ... ඒ කාලෙ අහන්නේ මොකටද? තමුන් පහුගිය දවස්වල කිව්වේ රුපියල ගැන, අයි.එම්.එෆ් යාම ගැන රජය තමයි තීරණය කරන්න ඕනෑ කියලා, හැබැයි රජයයි, ඔහෙයි එකම බව අපි දන්නවා...!
ෆොටෝකොපි පොරට මලෙපැනලා. කොහොමත් ලෝක හොරුනේ...
කරලා තියෙන නිසා තමයි කිව්වේ. අනුර කුමාර දිසානායක ඕවාට බය නෑ. කබ්රාල්ලා තමයි හිරේ යන්නේ.
අනේ, ඔව් ගන්න පියවර... ඉක්මණින් ගන්න... මොකද හේතුව?
මේ අය ඩොලර් කාබාසිනියා කරලා තව කයිවාරු ගහනවා.. මේ අය හිරේ දාලා වගේ රට බංකොළොත් කරේ මේ අය තමයි.
මේ අයට කොහෙද කීර්ති නාමයක් තියෙන්නේ? පවුලේ වටේ ඉන්න අපතයින්ගෙන් ඇරුණාම කබ්බෝ... මේ කරලා තියන ක්‍රිමිනල් ටිකේ හැටියට..?
කබ්රාල් ඔයාට වංචා චෝදනා ගොඩයි, ඔක්කෝටම නඩු දාන්න. ඔබ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන ගාණක පාඩුවක් කරලයි තියෙන්නේ...
කබ්රාල් මහතාගේ කීර්ති නාමය නිසා අද අපි අරාජිත වෙලා. පවු අනේ...!
මෙලෝ වැඩකට නැතිව ඩොලර් මිලියන 6.5ක් ගෙවන්න අනුමැතිය දුන්න අය එක්කම මෙයාවත් හිරේට දාන්න ඕනේ..!
අපි බලාගෙන ඉන්නවා ඔහෙගේ කෙරුවාව ගැන... උසාවියේදී ඔයාගේ පැටිකිරිය අනුර කුමාරලා එළිකරනවා.. බලන්න මිනිස්සු දින ගැන ගැන ඉන්නවා.
ආ... ඒ කියන්නේ සල්ලි දීලා. ඒක පිළිගත්තනේ. ඉතුරු ටික උසාවියට කියන්න.
බම්බුව තමයි..
අනේ යන්න.. මොන්ටිසෝරි ළමයෙක් තරම් වත් මොලයක් නැහැ.
අන්න හරි... අපිටත් ඕන ඔය නීතිය ඉදිරියට ගෙන්වන්න තමයි. දාන්නකෝ නඩුව. එතකොට ඔයාගේ නිර්දෝෂිකමේ තරම රටම දකියිනේ. විලි ලැජ්ජාවක් නෑ.
පළුදු වෙන්න තරම් කීර්තිනාමයක් තිබුණද මෙයාට...?