
(කාංචන කුමාර ආරියදාස)
අනියම් පෙම්වතිය බස් රථයෙන් තල්ලු කොට බරපතල තුවාල සිදුකළ බව කියන අනියම් පෙම්වතෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි හතරක් වූ විවාහක පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.
ඔහුගේ අනියම් පෙම්වතිය බව කියන පලුගස් වැව හොරිවිල කාන්තාව තුවාල ලබා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකින් මෙම අනියම් පෙම්වතුන් දෙදෙනා පොළොන්නරුවෙන් බස් රථයට ගොඩ වී තිබෙන බවත් දෙදෙනා අතර බස් රථයෙන් එන අතරතුරක් බහින්බස්වීමක් ඇතිවී මෙම අනතුර සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනියම් පෙම්වතුන් කියා වර්ගයක් නොමැත...!
එක්කෙනෙක් කෙල්ලව මුහුදට තල්ලු කරලා කෙල්ල මළා. මෙයා බස් එකෙන් තල්ලු කරලා. තව කොහෙන් කොහෙන් තල්ලු එයිද දන්නේ නැහැ.