(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව දැනුම්දී ඇති හෙයින් රටේ ස්ථාවරත්වය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ඉතා කඩිනමින් පත් කරන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.
එසේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණ වහාම ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය
පීරිස් මහතා මෙම ඉල්ලීම කළේ කොළඹදී අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳෙව්වේ රටේ මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් නීතිමය සහ ව්‍යවස්ථාමය තත්වය ගැන කරුණු පැහැදිලි කරන්නයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සිය ධූරවලින් ඉදිරි කාලයේදී ඉල්ලා අස් වන බව දැනුම් දී තිබෙනවා . ඒ තත්වය සහ ආණ්ඩුවේ ස්ථාවර භාවය පිළිබඳව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා.
ඊයේ දිනයේ ඇති වූ සියලු ප්‍රචණ්ඩ ක්‍රියා අප හෙළා දකිනවා.අරගලයෙන් සිටි පුද්ගලයන්ට එල්ල වූ වෙඩි පහරවලින් යම් යම් පුද්ගලයන් තුවාල ලබා සිටිනවා. සමහරු රෝහල් ගත වෙලා ඉන්නවා. පස්වැනි පටුමගේදී සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් කිහිප දෙනකුට පොලිස් නිලධාරින් ඉතා අමානුෂික ලෙස පහර දී තිබෙනවා. මේ සිද්ධියෙන් පසුව අගමැතිතුමාගේ පෞද්ගලික නිවෙසට ගිනි තබා තිබෙනවා. මේ සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා අප සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. ප්‍රචණ්ඩකාරී ක්‍රියා කිසිසේත් ම අනුමත කරන්න බැහැ. මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් සිදුවන්නේ රට තවදුරටත් අස්ථාවර වෙන එක පමණයි. පුරවැසියන් අතර සමගියත් ඉන් අවුල් වෙනවා. එසේම රටේ ආර්ථිකයට එය අහිතකර ලෙස බලපානවා. ශ්‍රී ලංකාව ගැන තියෙන ජාත්‍යන්තර ප්‍රතිරූපයටත් හානි වෙනවා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වළකින ලෙස අප සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරනවා. ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දෙන්න එපා කියලත් ඉල්ලනවා . ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලින් සිදුවන්නේ අපි බලාපොරොත්තු වන අභිලාෂයන් ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙන එක ප්‍රමාදවීමයි.
ජනාධිපතිවරයෙකු ඉල්ලා අස් වෙනවා නම් ඔහුගේ අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දිය යුතු වෙනවා. ජනාධිපති ධූරය පුරප්පාඩු වෙන්නේ ඒ අවස්ථාවේදී තමයි. ජනාධිපති ධුරය පුරප්පාඩු වුණාම අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වෙනවා.
අගමැතිවරයාට එසේ කළ නොහැකිනම් කතානායක වරයා වැඩබලන ජනාධිපති වරයා ලෙස පත් වෙනවා. එහෙම පත්වුණාට පස්සේ මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට බලය තියෙනවා තමුන්ගේ සුදුසුකම් තියෙන මන්ත්‍රීවරුන් අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරගන්න. මාසයක් ඇතුළත විය යුතුයි. එය කරන්නේ පාර්ලිමේන්තුව තුළ පවත්වන ඡන්දයකින්. ඒ ඡන්දයෙන් ජයගන්න නම් මන්ත්‍රීවරයකු මුළු ඡන්ද වලින් සියයට පනහකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත යුතුයි. 225 දෙනාගෙන් ඡන්ද 113ක් ලබාගත යුතුයි. මේ රටේ ජනාධිපති ධූරය පුරප්පාඩුවුයේ එක පාරයි. ඒ තත්වයේ ඇති වුණේ 1993 මැයි මස පළමු වෙනිදා ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගියාට පස්සෙයි. ඒ අවස්ථාවේදී අගමැති ඩී බී විජේතුංග මහතා වැඩබලන ජනාධිපති වශයෙන් පත් වුණා. පැය කිහිපයක් ඇතුළත. ඊට පසු සතියක් ඇතුළත මැයි හත්වෙනිදා පාර්ලිමේන්තුව ඒ පුරප්පාඩුව පිරෙව්වා. අලුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තෝරා ගත්තා.
වත්මන් ජනාධිපතිවරයා ඉන්නා තැන සිට නව ජනාධිපතිවරයකු පත් වීම දක්වා මේ සංක්‍රාන්තිය ඉක්මනට අවසන් කරන්න කියල අපි ඉල්ලීමක් කරනවා. මොකද මේ රටේ අවිනිශ්චිතභාවයක් තියෙන්න බැහැ. මේ රටේ ආර්ථිකයට මේ රටේ ස්ථාවරභාවයට ඒ දේ ප්‍රමාද කරන්න බැහැ. වත්මන් ජනාධිපතිතුමා දහතුන් වැනිදා ඉල්ලා අස්වන බව ඔහු දැනුම් දුන්නා. අනුප්‍රාප්තික ජනාධිපති වරයා තෝරාගැනීමේ ක්‍රියාවලිය අවසන් කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ පක්ෂ නායකයන් ගෙන් ඉල්ලීමක් කරනවා. මේ රටේ රජය ස්ථාවර වෙන්න ඕන. මේ රටේ ජනතාව සඳහා ජනතාවගේ අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීම සඳහා රජයක් තියෙන්න ඕන. රටේ ආර්ථිකය තියෙන්නේ ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක.
මේ ක්‍රියාදාමය කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එය අතිශයින්ම වැදගත් වෙනවා . ඒ වගේම ඊයේ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ සියල්ල ක්‍රියාත්මක කරන්න කියලත් ඉල්ලනවා.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ඉක්මනට පත් කළ යුතුයි
Aruna Sunday, 10 July 2022 10:06 PM
රටම ගිනි තියලා දැන් බණ දේශනා කරනවද?
Nuwan Monday, 11 July 2022 03:22 AM
තමුන්නැහැලා මේකේ ඉස්සරහින්ම ඉන්නවා. අර ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන අන්තරේ අය කොහොමද පාලනයට සම්බන්ධ කරගන්නේ කියලා කියන්න අපට...