(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලයට මේ වන විට ඉන්ධන සැපයීම ප්‍රමාණවත් බැවින් මේ මස 27 වැනිදා දක්වා විදුලි සැපයුම කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මේ මස 27 වැනිදායින් පසුව ඉන්ධන සැපයුම පවතින තත්ත්වය අනුව විදුලි සැපයුම කප්පාදු කරනවාද නැද්ද යන්න තීරණය කරන බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.