
( රංජිත් රාජපක්ෂ)
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පුස්තකාලය අසලදි මෙම අනතුර සිදු වී ඇත.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන කඩවල දමිල මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසකි.
වෑන් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නාවලපිටිය සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු ලංගම බස් රථයේ ත්‍රිරෝද රථය ගැටිමට ආසන්න වු විට ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි යාමත් සමග එහි පසුපස අසුනේ ගමන් ගත් සිසුන් තිදෙනා ප්‍රධාන මාර්ගය ට විසි වී තිබේ.
ප්‍රධාන මාර්ගයේ වැටි සිටි සිසුන් තිදෙනාගේ ජිවිත බේරාගැනිමට ලංගම බස් රථයේ රියදුරා බස් රථයට මාර්ගයෙන් ඉවතට ධාවනය කර ඇති බවත්, එම අවස්තාවේ රජය සතු ගොඩනැගිල්ලක තාප්පයක් සහ ගේට්ටුවක ගැටි බස් රථය නතර වි ඇති බවත් කියයි.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බව ගිනිගත්හේන පොලිසිය කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
86
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ