
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රත්මලාන බොරුපන ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පොලිස් නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කොළඹ වංචා විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ බිරිඳ වන ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියක හා පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරි නියුතු පොලිස් කොස්තාපල්වරයෙකි.
කොළඹ වංචා විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා රාජකාරිය විවේකය වාර්තා කර සිටියදී පුද්ගලික යතුරු පැදියෙන් සිය බිරිඳවන ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියව ගල්කිස්ස පොලිස් ස්ථානයේ දිවා රාජකාරී වාර්තා කරවීම සඳහා ගමන් කරමින් සිටියදී රත්මලාන බොරුපන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව ගල්කිස්ස පොලිසි ස්ථානයේ රාජකාරී නියුතු පොලිස් කොස්තාපල් වරයා ,පිළියන්දල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු පසු පැදීකරුවකු ලෙස පැදියේ තබාගෙන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණීමේදී එකිනෙක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් දේවාලෙ කපුවගෙ කතාව මතක් වුනා
මහජනතාවගේ හෘදයාංගම ආශිර්වාදය පල දීලා වගේ...!