
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රත්මලාන බොරුපන ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පොලිස් නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කොළඹ වංචා විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ බිරිඳ වන ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියක හා පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරි නියුතු පොලිස් කොස්තාපල්වරයෙකි.
කොළඹ වංචා විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා රාජකාරිය විවේකය වාර්තා කර සිටියදී පුද්ගලික යතුරු පැදියෙන් සිය බිරිඳවන ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියව ගල්කිස්ස පොලිස් ස්ථානයේ දිවා රාජකාරී වාර්තා කරවීම සඳහා ගමන් කරමින් සිටියදී රත්මලාන බොරුපන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව ගල්කිස්ස පොලිසි ස්ථානයේ රාජකාරී නියුතු පොලිස් කොස්තාපල් වරයා ,පිළියන්දල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු පසු පැදීකරුවකු ලෙස පැදියේ තබාගෙන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණීමේදී එකිනෙක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරින් පොලීසියේ තුනක් රෝහලේ
Premasiri Sunday, 11 August 2024 12:10 PM
මටනම් දේවාලෙ කපුවගෙ කතාව මතක් වුනා
සොරිසේන Sunday, 11 August 2024 02:43 PM
මහජනතාවගේ හෘදයාංගම ආශිර්වාදය පල දීලා වගේ...!