
(බිමල් ශ්‍යාමන් ජයසිංහ,බුද්ධික කුමාරසිරි සහ එච්.එස්.නන්දන)
අවිස්සාවේල්ල පුවක් පිටිය තුම්මෝදර ඉලුක් පිටියේ ප්‍රදේශයේදී සිමෙන්ති පැටවූ ලොරියක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු එතනම මරුමුවට පත් වී කොස්තාපල්වරයකු බරපතල තුවාල ලබා ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයේ හෝමාගම පොලිසියට අනුයුක්ත හංවැල්ල උප ඒකකයේ පොලිස් සැරයන් 39086 ධර්මසිරි නැමැති නිලධාරියෙකි.
තුවාල ලබා ඇත්තේ කසුන් නමැති කොස්තාපල්වරයෙකි.
මියගිය සැරයන්වරයා කොස්තාපල්වරයා සමඟ රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස සිමෙන්ති ලොරිය ඉදිරියට එනු දැක යතුරුපැදිය මාර්ගයේ අයිනට කර නතර කර ඇති අතර ඒ සමගම ලොරිය යතුරු පැදියේ ගැටී එයත් සමගම අසල බෑවුමෙන් ඇළ මාර්ගයෙන් පහළට වැටී ඇතැයි පොලිසිය කියයි.
අනතුර ස්ථානයේම සැරයන් වරයා මියගොස් ඇති අතර කොස්තාපල්වරයාගේ පාද දෙකට බරපතළ තුවාල සිදුවී තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
අනතුරක් සහිත වාහනයක් ඉදිරියට එනවා නම් යතුරු පැදිය අයිනේ නවතාගෙන සිටීම මරණය වෙන්න හේතුවක් වෙනවා හරියටම අවුරුද්දකට පෙර කිරිඇල්ලේ පොලිසිය අසලදී තරුණ යුවලක් අකාලයේ මියගියේද කාළකණ්නි ඩිපෙන්ඩර් රියදුරෙකුගේ නොහික්මුණු ගතියපාමින් වැරදි මංතීරුවේ ගමන් කිරීම කරද්දී යතුරු පැදිය මග අයිනේ නවතාගෙන සිටීම නිසා තමයි