
(ප්‍රසන්න පත්මසිරි)
රිය අනතුරකට ලක්ව බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොලය මියගිය රෝගියකුගේ ශරීරයේ අවයව පවුලේ සාමාජිකයන්ගේ අවසරය මත දන්දීමෙන් අනතුරුව එම රෝගියාව ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට ගෙනගිය බව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයෙක් පැවසීය.
හසලක මහඅස්වැද්දුම ගම්මානයේ පදිංචි දෙදෙරු පියකු වන එම්.ජී චමින්ද 48 යන අය හසලක ප්‍රාදේශීය සභාවේ රියදුරකු ලෙස සෙවයේ යෙදී සිට වැඩ නිමවී ලංගම බසයකින් නිවස බලා යන අතරතුර බසයෙන් බිමට ඇද වැටී අනතුරට ලක්ව තිබේ.
අනතුරින් හිසට තුවාල සිදුවීමත් සමග රෝගියාව මහියංගන රෝහලට ඇතුලත් කර පසුව බදුල්ල මහ රෝහලට ගෙනවිත් දැඩි සත්කර ඒකකයේ ප්‍රතිකාර සදහා යොමු කළත් ඒ වන විටත් මොලය මියගොස් තිබෙන බවත් තව දුරටත් ජීවත් කළ නොහැකි බව වෛද්‍යවරුන් රෝගියාගේ පවුලේ සාමාජිකයින්ව පවසා තිබේ.
රෝහල්ගතව සිටින නමුත් මරණයෙන් බෙිරාගැනීමට නොහැකි තම සැමියාගේ අවයව දන්දීමට බිරිද ඇතුලු දරුවන් දෙදෙනා එහිදි තීරණය කළ බව වෛද්‍යවරුන්ට පවසා තිබේ.
ඒ අනුව බදුල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලට වාර්තා කර අවශ්‍ය කටයුතු සුදානම් කළාය.
කොළඹ ජාතික රෝහලට ගුවනින් රැගෙන ආ රෝගියාගේ හදවත ද විදේශීය වෛද්‍ය කණ්ඩායමකගේ සහයෙන් වෙනත් රෝගියකුට බද්ධ කිරීමට නියමිතය,
එහිදි වෙන්කරගන්නා පෙනහැල්ල සහ අක්මාව මහනුවර රෝහලේදි රෝගියකුටත් වකුගඩු දෙක බදුල්ල මහ රෝහලේදි රෝගීන් දෙදෙනෙකුටත් බද්ධ කිරීමට නියමිතව ඇති බව බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.
බදුල්ල මහ රෝහලෙන් ගෙන ගියා රෝගියාගේ අවයව ඉවත් කිරීමෙන් පසු මෘත දේහය නැවත බදුල්ල මහ රෝහලට ගෙනවිත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකර පවුලේ ඥතීන්ට භාරදීමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම පින්...! ලබන ආත්මයේදී මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා...! හොඳ පින්වත් ආත්මයක් ලැබේවා...!
ගොඩක් පිං... අපේ තාත්තගේ මොළය මැරිලා කොළඹ මහ රෝහලේ දී අවයව දන්න දෙන්න බැලුවා නමුත් ඒ සියල්ල විනාශවෙලා තිබුණ නිසා එය කරගන්න බැරි වුණා. ඔබ තුමාටත් ඒ මා හැඟි තිරණය ගත් පවුලේ සියලු දෙනාටමත් අනේකවාරයක් පිං.
මේ උතුම් තීරණය ගත් එම පවුලේ සියලුදෙනාට බොහොම පිං. ඔබ සියලු දෙනා උත්ම් පුද්ගලයන්.