
(එම්.සුසිල් පියන්ත)
ගාලු පාරේ බළපිටිය බේරතුඩුවේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු මිය ගොස් ඔහුගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ අනාතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විදුහලේ ආචාර්යවරයකු හා ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු වන බළපිටිය සිරිසේන මාවත පදිංචි අගම්පොඩි ගාමිණී සේපාල ද සොයිසා නමැති පනස් හය හැවිරිදි තිදරු පියෙකි.
පෞද්ගලික නිවසක පැවති උපකාරක පංතියකින් සිය දියණිය රැගෙන නිවස බලා යතුරු පැදියෙන් යමින් සිටියදී ක්‍රියා විරහිතව නතර කර තිබූ බස් රථයක ගැටී මේ අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
මේ අනතුරින් තුවාල ලැබූ මිය ගිය තැනැත්තාගේ දියණිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ සර්. දෙවියෙක් වගේ ගුරු පියාණන් කෙනෙක්. මා දකින ලෝකයේ හොඳම ගුරුපියාණන් ඔබයි... ආදරණීය ගාමිණී ගුරුපියාණනි...! අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ සිසුන්ට ඔබ තාත්තා කෙනෙක් වගේ. සිසුන් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, වාහන, මුදල් ඔබ වැය කළා. කෘෂිකර්ම විෂය, පරිසර නියමු භට, බාලදක්ෂ, සෙන්ජෝන් ගිලන්රථ, හස්ත සංඥා කණ්ඩායම්, ආදි විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට නායකත්වය දුන්නා. එකවරක් ඔබ වාහන අනතුරක් වෙලා කකුල කැඩිලා ගෙදර හිටියා. එත් ඔබට පාසල් දරුවන් නොදැක ඉන්න බැහැ. ඔබ බාලදක්ෂ කඳවුරක් ගෙදර ඇතිකරලා ළමයින්ට කන්න බොන්න දීලා මාසයක් බාලදක්ෂ ක්‍රියාකාරකම් ඉගැන්වූවා. තමන්ගේ දරුවන් වගේ අනිත් දරුවන්ට සැලකුවා. නායකත්ව ගුණාංග කියලා දුන්නා. ඔබ සිටින අවධියේ එකදිගට වර්ෂ ගණනාවක් ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ඔබේ බාලදක්ෂ කණ්ඩායමෙන් ඔබ බිහිකළා. සමාජ සේවා රැසක් ඔබ අතින් ඉටු වුණා. රැයක්, දහවලක් නැහැ පාසලේ ගතකළා.. අනේ සර් මොකද වුනේ මේ... 2005 වර්ෂයේ දී බලපිටිය කොට්ඨාසයේ ප්‍රථම ජනපති බාලදක්ෂයා ඔබ බිහි කළා... ලබන ආත්මයෙත් මගේම ගුරුපියාණන් වෙලා එන්න සර්...!
කණගාටුදායක පුවතක්... සමහර දෙමව්පියන්ට රෑට නින්දට යනකන් දවස පුරාම වැඩ. රටේ වෙන දේවල් දැක්කාම දෙමව්පියන් තම දරුවන් තනියෙන් උපකාරක පන්තිවලට යවන්න අකැමැතියි. නතර කර තිබූ වාහනයක ගැටී මිය ගියා කියන්නේ, එතකොට මෙතුමාට නින්ද ගියාවත්ද? නැතිනම් හෘදයාබාධයක් හැදුණාවත්ද? ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
ඉතාම කණගාටු දායකයි...!
සර්... හොඳ කෙනෙක්. හොඳ ගුරුවරයෙක්. හොඳ මනුස්සයෙක්. මමත් පාසල් කාලේ ඉතා ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. නිවන්සුව පතනවා සර්ට. අවාසනාවන්ත සමුගැනීමක්...!