පසුගියදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් අනවසර ඉන්දිය ධිවරයින් 20 දෙනා සහ යාත්‍රා අනතුරින් මුදවා ගත් ධිවරයින් 08 දෙනා අදාළ ප්‍රාදේශීය ධිවර පරික්‍ෂක කාර්යාලයන්ට සහ පොලිස් ස්ථාන වෙත මේ වන විට භාර දිමට කටයුතු කර ඇතැයි නාවික හමුදාව පවසයි.
මුදවා ගත් ධිවරයින් අතරින් 05 දෙනකු මුහුදුබත් වූ ධීවර යාත්‍රාවක සිට මුදා ගෙන ඇති අතර, එය ඉන්දීය ධීවර යාත්‍රා නාවික හමුදා පරිවාරය සමඟ කරෛයිනෙගර් වෙත රැගෙන යන අතරතුර දී එන්ජින් කාමරය තුළට සිදුවු අධික ජල කාන්දුවක් හේතුවෙන් මුහුදුබත් වූ යාත්‍රාවක් බව පසුව අනාවරණය වී තිබේ.
එමෙන්ම, නාවික හමුදාව මඟින් පෙර දින මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් ප්‍රකෝපකාරි සහ අනාරක්ෂීත නැව් හැසිරිම් සමඟ පලා යෑමට උත්සාහ කිරීමේදි නාවික හමුදාවට අයත් යාත්‍රාවක ද ගැටී මුහුදු බත් වී ඇති අතර මෙමගින් නාවික හමුදාවට අයත් කුඩා යාත්‍රාවකට ද අලාභ හානි සිදු වී ඇතැයි නාවික හමුදාව පවසයි.
අනතුරට පත් එම ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් තිදෙනා (03) නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇති අතර මුදාගත් ධීවරයින් විසින් කළ දැනුම් දීමකට අනූව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී අනතුර හේතුවෙන් අතුරුදන් වූ ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුර සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ (13) සමත් විය.
දේශ සීමා උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදු කරන අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීමටත් දේශිය ධිවරයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් නිතරන්තරයෙන් කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කරයි .
(36698)
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරට පත් යාත්‍රාවේ-අත්අඩංගුවටගත් ධීවරයින් ප්‍රාදේශිය ධීවර කාර්යාලවලට