IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

(ඩයනා උදයංගනී)

ආර්මේනියා රාජ්‍යයේ යෙරෙවාන් හිදී ඉකුත් දා පැවති අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂාන් අරුමෝලී ශිෂ්‍යයා සමත්විය.

ඔහු යාපනය හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

රටවල් 64 ක් සහභාගී වූ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකව නියෝජනය කරමින් සිසුන් සිවුදෙනකු සුදුසුකම් ලැබ තිබූ අතර, ජූලි 10 සිට 18 දක්වා පැවති එම තරඟාවලිය ප්‍රායෝගික සහ න්‍යායික යන කොටස් දෙකකින් සමන්විත විය.

බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයේ ප්‍රවීන් තෙන්නකොන්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිළුනි වික්‍රමතිලක, කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ කාර්තික් ප්‍රවීන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට සහභාගී වූ අනෙක් සිසුහු වෙති.

තරගාවලියේ විශේෂ ජූරි සභිකයන් ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  මහාචාර්ය  හිරාන් අමරසේකර සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එම්.ජයන්ත විජේරත්න යන මහත්වරු ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා ජීව විද්‍යා ආයතනය මගින් ජීව විද්‍යා අංශයෙන් 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් අතර, පැවැත්වූ තරගාවලියකින් අනතුරුව ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කිරීම සඳහා මෙම සිසුන් තෝරාගෙන තිබිණි.



අදහස් (0)

අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 584 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site