(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනතුරුවලට ලක්වන වාහනවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනතුරුවලට ලක්වන වාහනවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පසුගිය සතියේ බාල වයස්කාර කොල්ලා මිනීමැරුමක් කරලා ලොකු අනතුරක් කළා වගේ ඒවාද? නැත්නම් පාඨලී පසුපස පැමිණ පස්සෙන් හප්පා ඉදිරියේ වාහන හිමිකරු අත් අඩංගුවට ගැනීම වැනි දේද? නැත්නම් වාහනය අලුත්වැඩියාව සඳහා රක්ෂණයෙන් ලැබෙන මුදල් ගසාකෑමක්ද? පැහැදිලි මදි අපරික්ෂාකාරීව රිය පැදවීම වමෙන් ඉස්සර කිරීම වැනි ඒවාටත් ගාස්තුවක් අය කරන්න. හැබැයි පළාත් වෙනස් වෙනවිට පිට පළාත් වාහන පසුපස පන්නා විත් වාහන අල්ලා පොලිස් නිලධාරින් කරන දඩගැසීම් ක්‍රමය අහෝසි කරන්න..
රට හොරාකාලා දැන් මිනිස්සුන්ගේ සාක්කුවේ තියෙන සතේටත් විදින්න යන්නේ...!
රජයට අයකරන ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කරන්නට පුළුවන්ලු. එතකොට රක්ෂණයේ ප්‍රිමියම් එක නිකන්ම රක්ෂණ ආයතන වැඩිකරනවා. වාහනය හැප්පුණත් නැතත් අපි රක්ෂණ ආයතන වලට නිකං ගෙවනවා. මීට වඩා හොඳයිනේ රක්ෂණය මේකට ගාව ගන්නේ නැතිව කෙලින්ම රජයට ගාස්තුව කපාගත්තා නම්...
අනතුරක් කළොත් කියන්නේ හිතාමතා අනතුරු කරන අයත් ඉන්නවාද...? කොහොම වුණත් කමක් නෑ වතුර ටික රත් වෙනකල් කකුළුවා දිය කෙළීවි..
වෙන කාගෙ හරි වැරැද්දකට හැප්පුවත් අපි ආණ්ඩුවට සල්ලි දෙන්න ඕනෙද? යකාගේ වැඩක්නේ...
තමන්ගේම වාහනයක් නඩත්තු කරන සාමාන්‍ය ජනතාව ගැන මේ හැම ආණ්ඩුවකම මුදල් ඇමතිලාට තියෙන්නේ හරිම අමාරුවක්... ගහන්න තියෙන හැම බද්දම ගහලා සතේටම හින්දවනවා. අන්න තියෙනවා අයිතිකාරයෙක් නැති මාලිගාවක් මල්වානේ... ඒක රාජසන්තක කරලා බජට් එකට දාගන්නකෝ බැසිල් මහත්තයෝ.
අනතුරු යනු සිතාමතා කරනා දේවල් නොවේ. කා අතිනුත් වියහැකි දේවල්. ඒ නිසා තමයි රක්ෂණය කියලා එකක් ලෝකයේ තියෙන්නේ... රක්ෂණයටත් දායක වෙලා තව අනතුරක් වුණොත් සල්ලි ගන්න රටක් කොහේද තියෙන්නේ? කවුද මේවා යෝජනා කරන්නේ? “අනතුරු“ කියන එකේ නිර්වචනය කියවා බලන්න. ඉස්කෝලවල මේවා උගන්වනවා...
මේ කිසි ගෙවීමක් අපිව මරාගෙන කන දියවන්නාවේ හොරු රළට අදාළ නැහැ...
අනතුරු වළක්වා ගැනීමේ පනතින් සිදුවන්නේ මේ දේමනේ, තවත්...?
විහිලු කරන්න එපා... එතුමාගේ බුද්ධියේ හැටියට තමයි ඕක හදලා තියෙන්නේ...!!!
වැරැදිකරු කව්ද කියා සොයා ගැනීම වැදගත්. අනතුරක් වළක්වා නොගත්තා යන කරුණ පදනම්කරගෙන දෙදෙනාම වැරදි කරුවන් කිරීම තමයි පොලීසියේ බොහෝ විට ප්‍රතිපත්තිය. නතර කරලා තිබුනු වාහනයක හැප්පුවත් එම නතරකර තිබූ වාහනයේ තිරිංග, සිග්නල් ලයිට් බලනවා. එය විකාරයක්. Traffic වල නතරකර තිබූ වාහනයක පිටුපසින් මෝටර් සයිකලයක් ඇවිත් හප්පලා මොටර් සයිකල්කරු රෝහල් ගත කළොත් වාහනය පොලීසියේ තබාගෙන වාහනකරුවත් රිමාන්ඩ් කරන්න බලනවා. පොලිසිය ගැන විශ්වාසයක් තබන්න බැහැ. තවද පොලීසියේ රථවාහන නිලධාරින්ට දැනුම දීලා තිබෙනවා මදියි. පස්සර රිය අනතුරේ 45% වැරදිකරු ටිපර් රථයේ රියදුරුයි. 45% RDA. 10% ක් බස්රථයේ රියදුරු. ඉදිරියෙන් රථයක් ආවත් නාවත් ටිපර් රථයේ රියදුරු තත්පර 3ක් වම්පැත්තේ තම රථය අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. ඉන්පසු පාර පැහැදිලි නම් දකුණට ගෙන හැකිපමණ ඉක්මනින් වමට ගත යුතුයි. මා දැනුවත් වී ඇතිපරිදි ජාත්‍යන්තර නීතිය එයයි. බස්රථයේ රියදුරු ඉතා වේගයෙන් ආවත් ඔහුගේ මාර්ගය ඔය ආකාරයට ටිපර් රථයේ රියදුරුට අවහිර කරන්න බැහැ...