(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස හා ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලා බොරැල්ල කනත්ත වටරවුමේ සිට තවත් පා ගමනක් ආරම්භ වූ අතර, එයට ද කොළඹ නෙළුම් පොකුණ අසල දී පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල විය.
එම විරෝධතාකරුවන්, වෝර්ඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම ඔස්සේ නෙළුම් පොකුණ දෙසට ගමන් කිරීමේ දී මෙම ප්‍රහාරය එල්ල වූ අතර, මේ වන විට යළිත් බොරැල්ල දෙසට ගමන් කරමින් සිටිති.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සහ සිවිල් සංවිධාන නියෝජිතයන් මෙයට සහභාගී වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd