
(යොහාන් භාසුර)
අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනය ආරම්භ වී දෙවැනි දිනය වූ ඊයේ (2) පස්වරුව වන විට සමස්ත බස්රථ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ ධාවනය වූ බවත් බස් ධාවනය යථා තත්වයට පත්වීමට සති කීපයක් ගතවනු ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
බස් රථ ධාවනයේ පළමු දිනය වූ පෙරේදා (1) කොළඹින් බස් රථ 537 ක් පිටත්ව ගොස් ඇති බව කී ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ඊයේ පස්වරුව වන විට බස් රථ 500 ක් පමණ කොළඹින් පිටත්ව ගොස් තිබූ බව ද සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බස් රථ 1500 ක් පමණ ලියාපදිංචි වී තිබෙන බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd