IMG-LOGO

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් ධාවනයෙන් ඉවතට

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන හිගය හේතුවෙන් අද (12) දිනයේ අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනය විශාල ලෙස අඩුවූ අතර මේ හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ.

මේ හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.

බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට ඉන්ධන නොමැති වීමේ අවස්ථාද ඇති බව විජිත කුමාර මහතා පැවසීය.

ඩීසල් හිඟය බස් රථ ධාවනයට දැඩිව බලපා ඇති  බවත් මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් ඊයේ(12) දිනයේ  ධාවනය වූයේ  200 ක පමණ ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළේය.

ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගණන් පෝලිම් වල සිටියත් දුර ගමන් සේවා සඳහා ඉන්ධන ප්‍රමාණවත් ඉන්ධන නොලැබෙන  බවත් ඔහු සඳහන් කළේය.

දුර ගමන් සේවා බස් රථ සඳහා ඉන්ධන ලීටර් 120ත් 150ත් අතර ප්‍රමානයක් අවශ්‍ය වුවත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ලැබෙන්නේ ඉන්ධන ලීටර් 40 ත් 80ත් අතර ප්‍රමාණයන් බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (2)

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් ධාවනයෙන් ඉවතට

Brake Tuesday, 12 July 2022 06:00 PM

පෙළපාලි ගියා වගේ දැන් පයින්ම යන්න කියන්න..!

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 11:17 PM

බොහොම හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 456 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 288 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site