
(ඩයනා උදයංගනී)
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලේ දී අද (23) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම විරෝධතාවට සහභාගීවීම සඳහා පිටකොටුව, ගාල්ල ආදී දුම්රිය ස්ථානවල සිට දුම්රියවල නැගී තංගල්ල බලා විශාල පිරිසක් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.
ඔවුන් දුම්රියෙන් ගමන් ඇරඹීමට පෙර එම දුම්රිය ස්ථානවල සිට ද විරෝධතාවයේ නිරතවූහ.
එමෙන්ම මෙම පිරිසේ ගමනාන්තය වන තංගල්ල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන අවට මේ වන විට විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙන ගන්න... නිකමුන් ටික... මේ අයට කියන්නේ කාලකණ්ණි කියලා... !
මෝඩ වැඩ... ප්‍රයෝජනවත් දෙයක් වගාකළොත් හොඳයිනේ..!
How we address those who steal state resources by politicians ?
දැන් නම් මේක විකාරයක් වුනා , දේශපාලන අනාතයෙනි, කරුණාකර මේ තරුණයන්ව නොමග යවන්න එපා.