
(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ පා ගමනට අග්‍රාමාත්‍ය කාර්යාලය අසල දී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි.
පා ගමනට එක්වූ පිරිස ගාලු පාර ඔස්සේ පැමිණ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසලින් ගමන් කරමින් සිටියදී මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල විය.
පොලීසිය මේ වන විට පා ගමන ඉදිරියට යාම වැළැක්වීම සඳ්‍හා මාර්ග බාධක යොදමින් සිටින බව ද වාර්තා වේ.
අගමැති කාර්යාලය අසලදී පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුවත් පිරිස තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටිති.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සාධාරණ උද්ඝෝෂණයක්...
හැමදාම මහපාරේ.. රස්තියාදු කාරයෝ...
අරගලයට පින් සිද්ද වෙන්න ආපු පින් ජනපතියා... ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ දූෂිත, මජර දේශපාලුවන්ට... දූෂිත තීරණවලට විරුද්ධව... අසාධාරණ විදියට හිරකරගෙන ඉන්න වසන්ත, සිරිධම්ම හිමි නිදහස් කළ යුතුයි. රටම විනාශ කරපු මහාපරිමාණ හොර, දූෂිත දේශපාලුවන් අද නිදහසේ සුවසේ ඉන්නවා. හරි නම් සදහටම හිරේ ඉන්න ඕනේ...
මේ රටේ උගත් දරුවන් ටික මේ ඉන්නේ... 225 වගේ නෙවෙයි..!
තේරුමක් නෑ... යමක් කරන්න... කාලය නාස්ති කරනවාට වඩා...
අරගලයට පින් සිදුවෙන්න රස්තියාදු කාරයින්ටත් වෙනත් දේ ලැබෙනවනේ බෝඩ්ස් වල මොනවා හරි ලියලා දීලා" මෙන්න මේවා කියලා කෑගහමින් පාර දිගේ යන්න කියලා" කිව්වම... ඒකෙන් රටටවත්, තමුන්ටවත් සෙතක් වෙනවද? නැහැනේ... නුදුරේදීම ඇස් පෙනීම දුර්වල වෙනවා. කඳුළු ගෑස් නිසාම...
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලුවන් ගේ රෙදි අස්සේ වෙන්න ඇති තියෙන්නේ... එසේ නැතිව, එහෙම දෙයක් තියෙන තැනක් අපට නම් පේන්නේ නැහැ. රටම හොරා කෑ පොහොට්ටු හොර නඩයට එරෙහිව ජනතාව පාරට බැස්සා. හොරුන් අල්ලන්න බැහැ. රට හොරා කා බංකොලොත් කළ වුන් තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතිරි අයද සුවසේ නිදැල්ලේ. ඒත්, දඬුවම් දෙන්නේ හොරකමට, දූෂණයට එරෙහිව පාරට බැස්ස අයටයි. හොරු අල්ලන්න කිසිම වුවමනාවක් නැහැ. මේ රටේ තවමත් සත්‍ය වටහා ගන්න බැරි මන්ද මානසික අය ඉන්නවා. කොළඹ රජයේ කාර්යාලයක මා දන්නා එක්තරා කාන්තාවක් සිටිනවා. විශ්ව විද්‍යාලයේ සිසුන්ට පොලීසියෙන් ගහන දර්ශන රූපවාහිනී නාලිකාවල දුටුවිට "හොඳ වැඩේ තව ගහපන්" යනුවෙන් සතුටින් ඇය උඩ පනිනවා. මේ මිනිසුන් මේ පාරට බැස්සේ රට කෑ හොරුන්ට එරෙහිව බව ඒ වැනි අයට වටහා ගැනීමට බුද්ධියක් නැහැ. හොඳ වෙලාවට වලිගය නැත්තේ. තිබුණා නම්, ගවයින් කියා හොරු මරන් කනවා...
මොවුන් දැන් මෙහෙම නම් ජෙප්පන්ට බලය ලැබුණොත් තුණ්ඩු කෑල්ලෙන් රටපාලනය කරාවි. මේ ගොබ්බයින්ට නොතේරෙන දේ තමයි මෙවැනි උද්ඝෝෂණ නිසා ජෙප්පන්ට ඡන්දය දැමීමට මිනිස්සු කීප සැරයක් හිතන බව... මේවායින් මොවුන්ට අවාසියක් මිස කිසිම වාසියක් අත්වෙන්නේ නැත...
මේ කම්බ හොරුන්ට පාඩමක් උගන්වන්නේ කවදා හරි ඔවුන්ගේ කර්මය විසින්මයි...
මෙරට සැබෑ උඩ්දමනය115% කියල මෙතන කොල්ලන්ට සාප කරන අහිංසක ප්‍රෙක්ශකයො දනන්වද දන්නෙ නෑ. . එ උඩ්ධමනයට හේතුව මෙ පාරෙ ඉන්න ලමයි නැතිනම් අර පරම්පරා ගානක් තිස්සෙ දියවන්නාවෙ හරක් ගාලෙ ලැගගෙන ඉන්න නාකි මොටයි සහ පාදඩ හොරු කියලා තේන අය මෙතන ඉන්නවද? ( මෙක පල වුනොත් ඩිස්ලයික් වැටෙන ගානත් කියන්නම්. . ඔනම නම්.. හි හි )