
(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධය්ය හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සංවිධානය කළ උද්ඝෝෂණයක් මේ වන විට කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පැවැත්වේ.
තුම්මුල්ල හන්දිය අසලින් පොලීසිය මාර්ග බාධක යොදා පිරිස ඉදිරියට ගමන් කිරීම වළක්වා ඇති අතර, එම ස්ථානයට ජල ප්‍රහාරක රථ ද කැඳවා තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙය සංවිධානය කර ඇත.
මෙම විරෝධතාවය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබුණත් ඔවුන් එය ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසලදීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් දන්නා එකම දේ හෙවත් විරෝධතා පෑමට මෙම අන්තරේ නමැති ත්‍රාඩ සංවිධානයට ඉඩදිය යුතුයි....
අන්තරේ... රටේ ශාපය...!
ඉගෙනුම පසෙකලා රැවුල්ලුන්ට කඩේ යන , අපේ බදු මුදල් අවභාවිත කරන උගතුන් යැයි කියාගන්නා සෙට් එක.