(නිමල කොඩිතුවක්කු)
රටක් දියුණු කිරීමේදී සෑම ක්ෂේත්රයකම නවීකරණයක් අත්‍යවශ්‍ය බවත් ඒ අනුව යමින් වත්මන් රජය යටතේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ප්‍රවාහනය, යටිතල පහසුකම් නවීකරණය කඩිනම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අනාගතය ඉලක්ක කරමින් රට නවීකරණය කරා ගෙන යන විප්ලවීය වැඩපිළිවෙල ඔස්සේ ඉදිරි වසර කිහිපය තුළ රටේ සීඝ්‍ර දියුණුවක් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ අද (03) පැවති මාලබේ - කොළඹ සැහැල්ලූ දුම්රිය මාර්ග සේවා සංක්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් සිදුකළ මෙම ව්‍යාපෘතිය 2024 දී අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම දෙකක මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.
මාලබේ - කෙළඹ සැහැල්ලූ දුම්රිය මාර්ග සේවාව කිලෝමීටර් 16 කින් සහ නැවතුම් ස්ථාන 16 කින් සමන්විත වේ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘21 වන ශතවර්ශය වෙනුවෙන් නවීකරණයට වැදගත් පියවරක් අද මෙම ස්ථානයේදී සිදුවුණා. කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ ඒ වැඩසටහන ආරම්භ කිරීමට අපි අද මෙතෙන්ට පැමිණිලා තියෙනවා.
මේ පද්ධතියෙන් පළවෙනි සැහැල්ලූ දුම්රිය මාර්ගය කොළඹ සිට මාලඹේට ඉදිකරනවා පමණක් නෙමෙයි මෙම ව්‍යාපෘතියෙන් අපේ ප්රවාහණයත් ඇත්ත වශයෙන්ම නවීකරනය වෙනවා.
රටක් නවීකරණය කිරීමේදී සෑම ක්ෂේත්රයක්ම නවීකරණය විය යුතුයි. අධ්‍යාපනයේ නවීකරණය, සෞඛ්‍ය සේවයේ නවීකරණය, වාණිජයේ නවීකරණය, ප්‍රවාහන නවීකරණය, යටිතල පහසුකම් නවීකරණය සිදුවිය යුතුයි. ඒ වැඩපිළිවෙල තමයි මෙතන අපි ආරම්භ කරලා තියෙන්නේ.
මේ නගරයේ නවීකරණය හැටියට එක පැත්තකින් පෝට් සිටිය ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ඇති කරන අනිත් විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. උසස් ආදායම් ලාභීන්ට පමණක් නෙමෙයි අඩු ආදායම් ලාභීන්ටත් තට්ටු නිවාස ඇතුලූ අනිකුත් වැඩසටහන් ක්‍රියාත්මකයි. සෑම ක්ෂේත්රයක්ම ඉලක්ක කරමින් අපි මේ වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා.
මේ තිබෙන කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතිය නිසා කොළඹ ඉඳන් මාලබේට අලූත් ප්‍රවාහන අංශයක් ඇතිවෙනවා. මේ විතරක් නෙමෙයි මින් තවත් කොළඹ නවීකරණය කිරීම සඳහා බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් කොටුවේ ඇති වෙනවා.
කැළණියේ ඉඳන් අලූත් පාලම් ඇති කරලා ඒ පාලම් වලින් එක මාර්ගයක් විශේෂයෙන්ම කුලූනු මතින් කොළඹ වරාය දක්වා එනවා. අනිත් මාර්ගය දැනට රාජගිරිය දක්වා එනවා. මෙන්න මේ විදියේ අලූත් කොළඹක් තමයි අපි හදන්නේ.
අලූත් මහනගරයක බිහිවීම තමයි මෙතන දකින්න තියෙන්නේ. මේ වැඩකටයුතු ක්‍රියාත්මක කරපු චම්පික රණවක ඇමතිතුමන්ට ඒ වගේම එතුමා එක්ක වැඩකරපු මේ කණ්ඩායමටත් මම විශේෂයෙන්ම ප්‍රශංසා කරනවා.
අපි මෙතන ඉඳන් අනාගතය බලන්න ඕන. ඉදිරිය ගැන හිතලා කටයුතු කළොත් රටක් විදියට අපිට දියුණු වෙන්න පුලුවන්. ඒ වගේ තැනකට අද රට පත්ව තිබෙනවා. අපි එක තැන ඉන්නවනම් අපි පස්සට යන්න හදනවනම් මේ රට පිරිහෙනවා.
මේ අවුරුදු පහේදී අපි අමාරුවෙන් හෝ නවීකරණය ආරම්භ කළා. ඒ නවීකරණය තමයි දැන් ඉදිරියට ගෙනියන්න තියෙන්නේ. මේ නවීකරණයේදී විශාල කාර්යයක් කරපු ඇමතිතුමාටත් මේ අමාත්‍යාංශයේ සියලූ දෙනාටමත් මම යළිත් ස්තූති කරනවා’’ යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්ච්රකල්ම කලේ පරණ අයට බනින එකනේ... දැන් තමයි වැඩ කරන්න හදන්නේ. දැන් කාලේ ඉවරයි නේද?
හා හා හොඳයි.. සූත්තර පුංචා කට ඇරියොත් මොකක් හරි කෙප්පයක් කියලා ඇන ගන්නවාමයි. අනේ මේ රිලව් රෑනේ 225ම බයිලා අහල අපේ කන් දැන් පිරිලා තියෙන්නේ... තවත් ලජ්ජා නැතිව තෙපරබානවනේ...
මෙච්චර කාලයක් ගියේ මොනවා ඉලක්ක කරගෙනද?
හරි හරි මහත්තයෝ කොහොම නවීකරණය කළත් කරන්න තියෙන්නේ තව මාස හයයි. ඔයා කොහොම කිව්වත් මෙදා පාර නම් ගෙදර අනිවාර්යයෙන්ම යවනවාමයි. දැන්ද යටිතල පහසුකම් නවීකරණය කරන්න මතක් වුනේ... රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මෝඩයන් නෙමෙයි කියලා මතක තියාගත්තොත් හොඳයි.
අවුරුදු හතර හමාරක්ම පාර දන්නේ නැතුව පාරවල් දිගේ ගිය මනුස්සයා දැන් කියනවා හරි මාර්ගේ යනවා කියලා. කවුද විශ්වාස කරන්නේ? වැඩිම වුනොත් අපිවයි රටයි තවත් ණය කාරයෝ කරලා ලෝකෙන් ණය අරන් ඡන්දෙට ඇස්බැන්දුමක් පෙන්නයි. දැනටම සංවර්ධනේ පේනවනේ පාලම් බෝක්කු වැසිකිලි විවෘත කරන්න පටන් අරන් තියෙන විදියෙන්...
සමන්ත මේ රට දියුණු කරන්න අඩුපාඩු තිබුණත් හැමදාම වැඩ කලේ එ.ජා.ප. ප්රමුඛ රජයන් පමණක් බව අපි පිළිගන්න ඕනේ. රටේ ප්‍රවාහන සේවය, දුම්රිය, බස් සේවා කෑවේ ශ්‍රී.ල.නි.ප. ප්රමුඛ ආණ්ඩු. ඒවා ජනසතු කළා. රටේ මහාමාර්ග කෑවා. යන්තම් 2002 එ.ජා.ප. රජය විසින් ගෙනා "යලි පුබුදමු ශ්‍රී ලංකා" වැඩ සටහනෙන් මහනුවර දක්වා ඉදිකරන්න තිබුණු අධිවේගී මාර්ගය බලහත්කාරයෙන් අරන් මාතරට හැදුවා... මහාමාර්ග හදන්න සැලැස්මක් නැතුව ණය අරන් රට බංකොලොත් කළා. ඉදිරි දැක්මක් සහිතව බුද්ධියෙන් වැඩ කරන රනිල් සහ චම්පික වැනි නායක දෙපලක් රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන්න ඉදිරිපත් වීම රටේ වාසනාවක්. ඔය ඉරිසියා කාරයෝ මොනවා කිව්වත් රාජපක්ෂලා කලේ මොනවද? හොඳයි නෑ කියනවද බලන්න? ආයෙත් එනවා බොරු.
සැංට්රල් බෑංකුවත් (ආයිත් විඩක්) "නවී කරණෙ" කොරාල දෙන්නකො අපේ බුදු සෑර්...
මෙයා යන්නේ මුළු රටම ඇමරිකාවට විකුණලා මහ බැංකුවටත් විදලා...
මේ කතාව ඇත්ත. එතුමා හොරකම පවා නවීකරණය කළා. ඉතුරු ටික කාලේදී අනික් කට්ටියටත් නහුතෙටම නවීකරණය කරගන්න ඉඩ දීල තියෙන බව විගනකාධිපතිත් පෙන්නලා දීල තිබුන මහාමාර්ගෙන් එහෙම.
පසුගිය අවුරුදු ටිකේ වු දේවල් මතක් වෙනකොට අනාගතයක් තියෙනවද කියලත් සැකයි. , අනාගතය ඉලක්ක කරගෙන යන්න. කලින් නිතිය ක්‍රියාත්මක කරන්න. ලොකු. පොඩි සැමට එක සේ. , එහෙමවුනොත් අනාගතය ඉබේම ලස්සන. වෙනවා. නැතිනම් , ඔය කරන්න යන දෙයින් ප්‍රයෝජන ගන්නේ මාරුවෙන් මාරුවට එන දේශපාලකයන් විතරයි. ජනතාවට හුලන්
එතකොට මෙච්චර කල් ගෙනගියේ වලපල්ලට නේද?දැන්නම් හොදටම විස්වාසයි ඡන්දයක් එන බව.
පිස්සු තදවෙලා...
ඊටකලින් ඇල්සමර් කියන රෝගය උත්සන්නවෙලා බිබික්කමක් වගේ තව කොච්චර කාලයක් ඉන්න වෙයිද දන්නේ නෑ.. මොකද මේ කියන එක මේ මතක නෑ.. ඊයේ කියපු එකට අද වෙනෙකක් කියන්නේ...
බේත්ගන්න සිංගප්පූරු යනවා..
මේ පච කියන ඇත්තන් මෙච්චර රට අගාධයට දාලත් කඩේ යන සමනල්ලු ඉන්නවා..
වරායවල් නැතුව, ගුවන් තොටුපොලවල් නැතිව නේද..?
මෙයාගේ මතකය ඇත්තටම නැහැ වගේ. අසනීප හින්දා වෙන්නැති. රජයට තාම මාස 7යිනෙ, තව අවුරුදු 4 1/2 ක් තියෙනවනේ... කල් තියෙනවා ඕවා ඔක්කොම කරන්න.
බොරුව, වංචාව, කූඨ කම, නිවට කම සහ තම සුඛවිහරණය උදෙසා කළ පාවාදීම් හොඳටම ඇති මහත්තයෝ. මෙන්න වැන්දා...! කරුණාකර ගෙදර යන්න. අපේ දරු පැටවුන්ට රටක්, ජාතියක්, ආගමක් ඉතිරි වෙන්න ඕනෑ.
මාදුළුවාවේ සෝභිත හිමි රොටිය පිච්චුනා කිව්වේ මෛත්‍රී වැඩේ කෑවා කියලනේ. රට බල්ලට දමා එදා ඉඳලා ගිය ඔක්තෝම්බරයේ රනිල් එලවනකන් එජාපයට ගහලා ශ්රීලනිපය හදන්න රතන හිමිත් මෛත්‍රීට උපදේශකයෙක් වුණා. රනිල්, මෛත්‍රී හා ඔහුගේම පිරිස ලවාම මෛත්‍රි කපලා කියලා කටත් වැටහුනේ රනිල් එලෙව්වට පස්සේ... එ් නිසා ගිය ඔක්තෝබරයෙන් පස්සෙනේ රනිල්ට කරන්න ලැබුනේ. පාස්කු ඉරිදා ප්‍රහාරය ජේ.ආර්. ට 1983දී විරුද්ධවාදීන් කළු ජුලිය ඇතිකලා වගේ වුණත් රනිල් එ්කටත් සාර්ථකව මුහුණ දීගෙන උපරිම ප්රජාතන්ත්රවාදී රටක් හදා රට දියුණු කරන්න පියවර ගනිමිනුයි මෙහෙම කියන්නේ. රනිල් වැනි බුද්ධිමතුන් කියන කරන දේ නොවැටහෙන දේශපාලන දැනීම හීන අායේ හිතෙන දේවල් ඔය ලියලා තියෙන්නේ... අද සාමාන්‍ය ජනතාව ජනපති හැර ඕනෑම කෙනෙක්ට විරුද්ධව පවරන නඩු බලපෑමකින් තොරව ස්වාධීන අධිකරණය මගින් දඩුවම් නියම කරනවා සේ මුළු රාජ්‍ය-යාන්ත්‍රණයම ස්වාධීනව ක්‍රියාකරනව. පාලක හා විරුද්ධ පක්ෂ වලින් ජනතාව පත්කළ නියෝජිතයින් විවාද කර පාර්ලිමේන්තුවේ අන-පනත් හා නීති හදද්දී පක්ෂපාති ඡන්දෙන් පමණක් බලයට ආ ජනපති අත්තනෝමතිකව පිස්සු කෙලිනවා. ජනපති බලය නැතිම කළානම් ජන මතය උපරිම වෙන බව හැකි නම් තේරුම් ගන්න.
ප්‍රතිචාර බැලුවම සතුටක් දැනෙනවා.. මෙයාගේ සෙල්ලන් මිනිසුන්ට තේරෙනවා. මංගල, මලික් මෙයාව අතහැරලා සජිත් අල්ලාගෙන පරණ සෙල්ලම කරන්න හදන්නේ. මිනිසුනේ පරිස්සමෙන්.
බයිලා ගහන වැඩ බැරි ටාසන්.
පුදුම විකටයෙක් තමයි.. රටේ මිනිස්සු කන්නේ තණකොළ බොන්නේ පුන්නක්කු කියලා හිතාගෙනද දන්නේ නැහැ මෙව්වා කියන්නේ.. අවුරුදු 4ක් බකතපස් රැකලා පණ යනකල් විදේශ ආධාරයි ණය කන්දකුයි අරගෙන මොනවද එතකොට කලේ? කෙළවෙන පොයින්ට් එකට ආවම තමයි ලොකු කතා කියන්නවත් මතක් වෙලා තියෙන්නේ.. අපිම හොඳයි ඉතින් මේවා අහන්න.
සච්චකයා වාද කරන්න එද්දී බුදුන් වහන්සේ තෘෂ්නිම්භූත වූ සේක.
අනේ දෙවියනේ ඔය කරපු ටික වැඩිත් එක්ක... දැන් යනතැනට මොනවා හරි කරගත්තොත් නේද හොඳ?