
(කේ. බුද්ධික කුමාරසිරි)
අලුත් අවුරුදු වෙනුවෙන් ගම්බිම් බලා අධිවේගි මාර්ග භාවිතා කරමින් ඉකුත් 10 -12 ද ක්වා දින තුනක කාලයේ ගමන් ගත් රථ වාහන වලින් රුපියල් එකසිය හැටතුන් කෝටි විසි නව ලක්ෂ එක්දහස් හැටපහක ආදායමක් ලැබී ඇතැයි මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.
එම දින තුනේ දී රථ වාහන හාර ලක්ෂ තිස් හතර දහස් තුන්සිය තිස් අටක් අධිවේගී මාර්ග භාවිතා කර ඇත.
ඒ අනුව ඉකුත් 10 දින රථ වාහන 161847ක් අධිවේගී මාර්ගය භාවිතා කිරීමෙන් එදින රුපියල් 59815450 ක් ද ඉකුත් 11 දින රථ වාහන 153807 ක් මගින් රුපියල් 58208695 ක ආදායමක් ද 12 වන දින අධිවේගී මාර්ගය භාවිතා කල රථ වාහන 118684 කින් රුපියල් 45266920 ක ආදායමක්ද හිමි වී ඇතැයි ද එම අමාත්‍යාංශ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd