ඉන්දීය සිනමාවේ සහ සංගීත ලෝකයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේගේ අවසන් කටයුතු අද (13) සවස සිදුවෙයි.

මියයන විට ඇය 92 වන වියේ පසුවූ අතර ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මුම්බායිහිදී සිදුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

දශක හතකට වැඩි කාලයක් පුරා දිවෙන ඇයගේ කලා ජීවිතය තුළ භාෂා 20කට අධික සංඛ්‍යාවකින් ගීත දසදහස් ගණනක් ගායනා කර ඇති අතර, ඇය ලොව වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කළ ගායිකාව ලෙස ද ගිනස් වාර්තාවට හිමිකම් කියයි.