
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 දශම 5 කහතුඩුව ප්‍රදේශයේදී අද අලුයම මාළු ලොරියක් සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් මාළු ලොරි රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
එම අනතුරින් මාළු ලොරිය කැබලි කීපයකට කැඩී මාළුත් සමග මාර්ගය පුරා විසිරී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
බාහාලුමක සිමෙන්ති කොට්ට 350ක් පටවාගෙන ඉමුදූව කරා යමින් ලොරි රථයක පිටුපසින් අධි ශීතකරණ සහිත මාළු ලොරිය ඉදිරියෙන් ගමන් ගත් සිමෙන්ති පැටවූ ලොරියේ පිටුපස ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිමෙන්ති කොට්ට 350ක් පටවාගෙන ඉමදූව දෙසට ධාවනය වූ ලොරියක් පිටුපස ගැටීමෙන් මාලු ලොරිය කැඩී ලොරි කැබැලි හා මාලු පාරපුරා විසිරී තිබුණා කිව්වාම වරදක් තිබේද?