IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අධ්‍යාපන අනුකාරක සභාව සියලු මන්ත්‍රීන්ට දොර අරියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට විවෘත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පැවසුවාය.

එමෙන්ම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අමාත්‍යාංශය මගින් සකස් කරනු ලබන වාර්තාව කාරක සභාවේ සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු මහජනතාවටද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව අග්‍රාමාත්‍යවරිය  වැඩිදුරටත් කීවාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කාරක සභාව පළමුවරට එහි සභාපති, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ අදහස් පළවිය.

2026 වසරේදී පළමු හා හයවන ශ්‍රේණි සඳහා නව විෂයමාලා හඳුන්වාදීම සම්බන්ධ කටයුතු ද මේ දිනවල කඩිනමින් සිදුවෙමින් පවතින බවද  අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.



අදහස් (0)

අධ්‍යාපන අනුකාරක සභාව සියලු මන්ත්‍රීන්ට දොර අරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site