(සුමිත් පො
තුපිටිය)
රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සොයා පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අධිනීතිඥ වරිය ඊයේ පස්වරුවේ සිය රාජකාරි නිමවා නිළ රථයෙන් නිවස කරා යමින් සිට ඇති අතර , පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඇය ගමන්ගත් රථයේ පසුපස වම් අසුන ආසන්නයේ විදුරුවට පහරදී ඇති බව පොලිසිය කීය.
මෝටර් රථයේ වීදුරුවට එල්ලකල මිටි පහරින් විදුරුව විනාශ වී ඇති බවත් , මිටිය මෝටර් රථය තුල තිබී සොයාගත් බවත් පොලිසිය සදහන් කරයි.
රියදුරුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ,මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟින් කිව්ව එක තේරුනේ නෑ. කොච්චර ළඟින්ද...?
මීට පෙර තවත් රජයේ නීතීඥවරයෙකුට අනියම් සම්බන්ධයක් සම්බන්ධයෙන් හමුදා සෙබළෙකුගේ පිහි ප්‍රහාරයක් එල්ල වුණා. මේ කාලය තවත් රජයේ නීතිඥයෙක්.
අධිනීතිඥයො ලංකාවේ ඉන්නවද? එංගලන්තෙනම් බැරිස්ටර්ල ඉන්නව කියල අහල තියෙනවා.