IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

(නිමන්ති රණසිංහ)
 
හදිසි සහ අත්‍යවශ්‍ය යැයි විනිසුරු විසින් තීරණය කරනු ලබන නඩු හැර වෙනත් කිසිදු නඩුවක් ලබන 27 වැනිදා තෙක් අධිකරණයේ නොකැඳවන ලෙසට දැනුම් දෙමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විශේෂ චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී තිබේ.
 
කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තවීම  වැළැක්වීම සඳහා හෙට(20) සිට සතියක කාලයක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳව නිර්නායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කරමින් අධිකරණ සේවා කොමිසම මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

අධිකරණ සේවා කොමිෂම විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ වාණිජ මහාධිකරණ, මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණය සහ කම්කරු විනිශ්චය සභාවල පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කරගෙනය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කීරීම සඳහා ඔවුන් අධිකරණය වෙත නොකැඳවා එම නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකරන ලෙසට දැනුම්දෙමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විශේෂ චක්‍රලේඛයක් මගින් මෙරට සියලු මහේස්ත්‍රාත් අධිකරණවලට දැනුම් දී ඇත.

සැකකරුවන් විෂයෙහි පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන හැකිතාක් ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා මහේස්‍ත්‍රාත්වරු අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිසිය සමඟ නිසි සම්බන්ධීකරණයක් පවත්වාගෙන යායුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් වේ.



අදහස් (0)

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site