(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අධිකරණය හා සම්බන්ධ පනත් කෙටුම්පත් අටකට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නේය.
මෙසේ සහතිකය සටහන් කර ඇත්තේ සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි, අධිකරණ සංවිධාන(සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් අටටය.
මේ අනුව එම පනත් කෙටුම්පත අට අද (18) සිට බලාත්මක විය.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd